කලා පොළ ප්‍රදර්ශනය පෙබ. 08 ග්‍රීන් පාත් හිදී
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ ජනප්‍රියම එළිමහන් චිත්‍ර කලා ප්‍රදර්ශනයක් වන ‘කලා පොළ’, පෙබරවාරි 08 වැනි ඉරිදා, කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවත (ග්‍රීන් පාත්) හිදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙනුයේ 33 වන වරටයි.
ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයකට අනුව ආරම්භ වූ කලා පොළ ප්‍රදර්ශනයට 1994 වසරේ සිටම ජෝන් කීල්ස් සමූහයේ අනුග්‍රාහක දායකත්වය හිමි විය. මේ වන විට එය ශ්‍රී ලංකාවේ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය සහ රසවින්දනය පූර්ණ පෙරළියකට ලක් කළ සුවිශේෂී සංස්කෘතික අංගයක් බවට විකාශනය වී තිබේ. ආරම්භයේ සිටම, කලා නිර්මාණ තෝරාගැනීමේ සීමාවන්ගෙන් තොරව (uncurated), සහභාගී වන කලාකරුවන්ට සහ මූර්ති ශිල්පීන්ට නිදහසේ සිය කුසලතා ප්‍රදර්ශනය කිරීමටත්, කලාලෝලීන්සමඟ සම්බන්ධ වීමට සහ ක්ෂේත්රයේ සෙසු ශිල්පීන් සමඟ දැනුම හුවමාරු කර ගැනීමට මෙන්ම තම නිර්මාණ අලෙවි කර ගැනීමටද මේ හරහා අවස්ථාව හිමි වේ.
කලා පොළ යනු විවිධාකාර වූ සම්භාව්‍ය හා නූතන කලා සම්ප්‍රදායන්ට අයත් චිත්‍ර, මූර්ති සහ අනෙකුත් කලා නිර්මාණ එකම අවකාශයක් තුළ දැකගැනීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවකි. සංගීතය, මිත්‍ර සම්භාෂණ, කලා සංවාද, ළමා චිත්‍ර වැඩමුළු සහ සංස්කෘතික විශේෂාංග ඇතුළු අංග රාශියකින් සමන්විත මෙම ප්‍රදර්ශනය නැරඹීමට ලොව නන් දෙසින් කලා ලෝලීන්, කලා නිර්මාණ එකතු කරන්නන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ සංචාරකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වනු ඇත.
දීර්ඝ කාලයක් පුරා මෙරට වාර්ෂික කලා ඉසව් අතර ඉදිරියෙන්ම පවතින අතිශය ජනප්‍රිය ප්‍රදර්ශනයක් වන කලා පොළ, මෙරට කලාකරුවන්ට තම නිර්මාණ සිත් සේ ප්‍රදර්ශනය කිරීම සඳහා හිමි වන අද්විතීය එළිමහන් වේදිකාවක් ලෙස හැඳින්විය හැකි වේ. මේ ආකාරයට ප්‍රවීණ හා නවක කලාකරුවන් කොළඹ නගර මධ්‍යයේ පැවැත්වෙන ප්රමුඛ පෙළේ ප්‍රදර්ශනයක් තුළ එකම කරළියකට රැගෙන ඒම තුළින් එම කලාකරුවන් සහ කලා රසික ප්‍රජාව අතර අර්ථවත් සම්බන්ධතා ගොඩනැංවීමට කලා පොළ ප්‍රදර්ශනයට හැකි වී ඇත. මේ හේතුවෙන් මෙම ප්‍රදර්ශනය මෙරට නිර්මාණශීලීත්වයේ සහ කලා රසිකත්වයේ සාමූහික කතිකාවන් බිහිකරමින් රටේ නිර්මාණාත්මක ආර්ථිකය දිරිගන්වන සුවිශේෂී වැඩසටහනක් ලෙස ඇගයීමට ලක් වී තිබේ. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) ද කලා පොළ සඳහා එහි නිල බැංකු සහකරු ලෙස සහය දක්වයි.
‘කලාව’ යනු ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනමේ අවධානය යොමු වන ප්‍රධානතම අංශ 4 න් එකක් වන ‘සමාජ සෞඛ්‍යය හා සහජීවනය’ යටතට අයත් වන්නකි. කොළඹ කොටස් වෙළඳපොළේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී පරිපාලිත සමාගමක්ද වේ. විවිධාංගීකෘත කර්මාන්ත අංශයන් 7 ක පවතින සමාගම් 80 කට වැඩි ප්‍රමාණයක් මෙහෙයවනු ලබන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී සේවක සේවිකාවන් 18,000 කට අධික පිරිසකට රැකියා ලබා දී ඇති අතර, වසර 20 ක් පුරා ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය ආයතනය ලෙස LMD සඟරාව මගින් ශ්‍රේණිගත කර ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සාමාජිකයෙකු සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්තයේ සහභාගිකයෙකු වන ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී හි ආයතනික සමාජ වගකීම් දැක්ම වන්නේ ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන්නයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

