කජු වගා කිරීම වෙනුවෙන් රජයේ ඉඩම් අක්කර 9600 කජු සංස්ථාවට
ශ්‍රී ලංකාව තුළ කජු වගාව වෙනුවෙන් විශාල ඉඩක් පවතින බැවින්, ඒ පිළිබඳ සලකා බලා කිලිනොච්චිය, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම යන දිස්ත්‍රික්කවල ඉඩම් අක්කර 9,600ක් කජු සංස්ථාවට මුදාහැරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මෙරට තුළ කජු වගාව සඳහා විශාල විභවයක් පැවතීම සැලකිල්ලට ගෙන වැවිලි හා කර්මාන්ත අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කර 479කින් යුත් පූනරීන් වතුයාය, මන්නාරම දිස්ත්‍රික්කයේ අක්කර 6,498කින් යුත් කොණ්ඩච්චි වතුයාය හා අක්කර 500කින් යුත් වෙල්ලම්කුලම් වතුයාය, මඩකලපුව දිස්ත්‍රික්කයේ අක්කර 1,075කින් යුත් මාන්කර්නි වතුයාය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අක්කර 681කින් යුත් තිරියාය වතුයාය සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අක්කර 441කින් යුත් එළුවන්කුළම මාටින් ඉපිල් ඉපිල් ගොවිපොල පිහිටි ඉඩම යන රජයේ ඉඩම් කජු වගා කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ශ්‍රී ලංකා කජු සංස්ථාව වෙත පවරා දීම මෙහිදී යෝජනා විණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

