එක්සත් ජනපද මැරීන් භටයන් 250 වැනි උපන් දිනය මෙරටදී සමරයි
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය නොවැම්බර් 15 වන දින වාර්ෂික මැරීන් බළකා උත්සවයේදී එක්සත් ජනපද මැරීන් බළකායේ 250 වන සංවත්සරය සාඩම්බරයෙන් සමරනු ලැබීය.
වසර 250ක්පුරාවට ගෞරවය, ධෛර්යය සහ කැපවීම යන සදාකාලික සාරධර්මයන් උදෙසා බලකායේ ඇති නොසැලෙන කැපවීමට මෙම 250 වන සංවත්සරයේදී බුහුමන් දක්වනු ලැබීය. තානාපති ජූලි චන්ග් මහත්මිය විසින් මෙම උත්සවය පවත්වන ලද අතර, නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර්වයිස්මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ අනෙකුත් හමුදා ප්‍රභූවරුන් ඇතුළු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නායකයින් සහ ශ්‍රී ලංකාව පුරා සිටින රාජ්‍ය තාන්ත්‍රික බළකායන්හි සාමාජිකයින් සහ හවුල්කරුවන් ගෞරවනීය අමුත්තන් ලෙස මෙම අවස්ථාවට පිළිගනු ලැබීය.
මෙම වසරේදී මෙම සැමරුම පැමිණෙන්නේ 2026 දී එක්සත් ජනපද 250 වැනි නිදහස් සමරුව සනිටුහන් කිරීමට සූදානම් වන අවස්ථාවේදීය. එක්සත් ජනපදයේ ඉදිරි පෙළ ආරක්ෂක පෙරමුණ විශ්වාසනීයවරැක ගත් මැරීන් භටයින්පරම්පරා ගණනාවක කැපවීම හේතුවෙන් ඇමරිකානුවන් අගය කරන නිදහස ලබා ගත් බව මෙහිදීසිහිපත්කරනලදී.
සැමරුමේ කේන්ද්‍රීය අංගයක් වූයේ මෙම සන්ධ්‍යාවේ ආරාධිත කථිකයා ලෙස පැමිණි මැරීන් බළකායේ ජ්‍යෙෂ්ඨතම වරෙන්තු නිලධාරියෙකු සේවය කළ ප්‍රධාන වරෙන්තු පස් වන නිලධාරී (CWO5) ඩේමන් එම්. හයින්ස්ගේ පැමිණීමයි. ඔහුගේ සහභාගීත්වය විශේෂයෙන් වැදගත් වන්නේ, දැනට කොළඹ මැරීන් ආරක්ෂක භටයෙකු ලෙස සේවය කරන ඔහුගේ පුත් මාණ්ඩලික සැරයන් ක්‍රිස් හයින්ස්ද මෙම උත්සවයට පැමිණීමෙනි - බළකායේ ඉහළම පරමාදර්ශ ආරක්ෂා කරන මැරීන් භටයින්ගේ පරම්පරා තුනක් ඔවුන්ගෙන් නියෝජනය කරයි. මෙම අවස්ථාවේ වැදගත්කම ඉස්මතු කරමින් සම්ප්‍රදායානුකුලව සිදු කරන චාරිත්‍රයක් වන තානාපති කාර්යාල කඳවුරෙහි මැරීන් භටයන් දෙදෙනෙකු ප්‍රධාන වරෙන්තු පස් වන නිලධාරී (CWO5) හයින්ස් විසින් නැවත සේවයට බඳවා ගැනීමේ කටයුතු සිදු කරන ලදී. මෙය මැරීන් බළකායේ මූලික හරයන් සහ එක්සත් ජනපදයේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් දක්වන අඛණ්ඩ කැපවීම නැවත තහවුරු කිරීමට ලැබුණු ගෞරවනීය අවස්ථාවක් විය.
මැරීන් බළකායේ කීර්තිමත් උරුමයට ගෞරව කරමින් ජූලි ජේ. චන්ග් තානාපතිතුමිය මෙසේ අදහස් දැක්වූවාය: “අපි එක්සත් ජනපද මැරීන් බළකායේ 250 වන වසර සමරමින්, ගෞරවය, ධෛර්යය සහ කැපවීම මත ගොඩනගා ඇති උරුමයකට ගරු කරනවා. ට්‍රිපොලි වෙරළ තීරයේ, පැසිෆික් සාගරය මුළුල්ලේ සහ අද ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රික පරිශ්‍රයන්හිදී සෑම අභියෝගයක් හරහාම, මෙම වටිනාකම් මැරීන් භටයින් විසින් ආරක්ෂා කර තිබෙනවා. කොළඹ අපගේ මැරීන් ආරක්ෂක භටයින් සෑම දිනකම මෙම වටිනාකම් තුළ ජීවත් වන අතර, ඇමරිකාව සිය 250 වන උපන්දිනයට ළඟා වන විට, අපට සිහිපත් කර දෙනු ලබන්නේ අප අගය කරන නිදහස දිගුකල් පවතින්නේ විශ්වාසවන්තව සේවය කරන මැරීන් භටයන් නිසා බවයි. Semper Fidelis - සැම විටම විශ්වාසවන්තයි."
මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කිරීමේදී, පරම්පරා ගණනාවක් පුරා මැරීන් භටයින්ගෙන් ලද සුවිශේෂී දායකත්වයන් සිහිපත් කරමින් එක්සත් ජනපද මැරීන් බළකාය පිහිටුවීමේ 250 වන සංවත්සරයේදී ජනපති ට්‍රම්ප් විසින් සිදුකළ ප්‍රකාශයේ සඳහන් විස්තරද තානාපති කාර්යාලය ආවර්ජනය කරන ලදී. “1775 නොවැම්බර් 10 වන දින දෙවන මහාද්වීපික කොංග්‍රසය යෝජනාවක් මගින් මහාද්වීපිකමැරීන් බළකාය පිහිටුවීමත් සමග මැරීන් බළකාය විප්ලවයේ ගිනිදැල් තුළ උපත ලැබුවා. 1776 දී නාසොව්හි පළමු සටන් ක්‍රියාමාර්ගයේ සිට, මැරීන් භටයින් සටනේදී අනුකම්පා විරහිත බවත් නිදහසේ සහ යුක්තියේ ශක්තිමත් ආරක්ෂකයින් බවත් ඔප්පු වී තිබෙනවා. ඒ මොහොතේ සිට මැරීන් භටයින් අපගේ ජාතියේ ඉරණම හැඩගැස්වීමට උදව් කර ඇති අතර, ඔව්හු නිව් ඕර්ලියන්ස් සටනේදී ඇන්ඩෲ ජැක්සන් සමඟ සටන් කරමින්, බෙලවුඩ්හි පළමු ලෝක යුද්ධයේ අගල්වල 'යක්ෂ බල්ලන්' යන අන්වර්ථ නාමය උපයා ගනිමින් නොසැලී සිටිමින්ද, ග්වාඩල් කැනෑල්, ඉවෝජිමා සහ ඔකිනාවා හි පැසිෆික් සාගරය මුළුල්ලේ ජය පිට ජය අත්පත් කර ගත්තා. ඔවුන් කොරියාවේ සහ වියට්නාමයේ කොමියුනිස්ට්වාදයට එරෙහිව සටන් කළා. තවද ඔවුන් පර්සියානු ගල්ෆ් කලාපයේ ස්වයං පාලනයට ඇති අයිතිය තහවුරු කළ අතර, ත්‍රස්තවාදය සම්බන්ධ ගෝලීය යුද්ධයේදී කාන්තාර සහ කඳුකරකළාපවලද අපගේ සතුරන්ට එරෙහිව යුක්තිය ගෙන ආවා. මැරීන් භටයන් විදේශයන්හි අපගේ තානාපති කාර්යාල ආරක්ෂා කරන අතර, අපගේ ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන්නන්ට ඔවුන්ගේ රාජකාරි එක්සත් ජනපදයේ සිටම කළ හැකි බව සහතික කරනවා. නිදහසට තර්ජනයක් එල්ල වූ සෑම තැනකම,මැරීන් බළකාය ශක්තියෙන්, ධෛර්යයෙන් සහ නොසැළෙන ගෞරවයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

