එක්සත් ජනපද තානාපති නියෝජිත පිරිසක් හම්බන්තොට වරායට යයි
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ඉහළ පෙළේ දූත පිරිසක් පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) සුහද සංචාරයක නිරත විය.
තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ජේන් හොවෙල් මහත්මියගේ නායකත්වයෙන් පැමිණි දූත පිරිසට, කලාපීය ඉන්දු-පැසිෆික් උපාය මාර්ග සම්බන්ධීකාරක ඩස්ටින් ආර්. බිකල් මහතා, ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරි ලුතිනන් කර්නල් මැතිව් හවුස් මහතා සහ ආරක්ෂක සහයෝගිතා කාර්යාලයේ ප්‍රධානී ලුතිනන් කමාන්ඩර් රොස් ලැරී මහතාද එක්විය.
බහාලුම් අංගන, වාහන හැසිරවීමේ කලාප සහ නැව් නැංගුරම් පළවල් ඇතුළු HIP හි පර්යන්ත සහ මෙහෙයුම් කලාප නිරීක්ෂණ සංචාරයකිනුත් සමග සංචාරය අවසන් විය. එමෙන්ම, ක්‍රමයෙන් ශක්තිමත්ව ඇති වරායේ බහාලුම් හැසිරවීමේ ධාරිතාව; ඇ.ඩො.මිලියන 41ක ව්‍යාපෘතියක් වූ නව දොඹකර; වසරින් වසර 26%කින් ඉහළ ගොස් ආසන්න වශයෙන් ඒකක 700,000ට ආසන්නව ඇති වාහන හැසිරවීම්, වැනි වරායේ මෑත කාලීන ජයග්‍රහණ කිහිපයක් පිළිබඳවද නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.
මෙම වර්ධනයන්, ඉන්දියානු සාගරයේ කාර්යබහුලතම නැව් මාර්ගයක් ඔස්සේ උපායමාර්ගිකව පිහිටා ඇති, වර්ධනය වන බහුකාර්ය සමුද්‍රීය මධ්‍යස්ථානයක් ලෙස HIP ස්ථානගත කරයි. තානාපති කාර්යාල සංචාරය, කලාපීය ප්‍රවාහන හා ලොජිස්ටික්ස් සම්බන්ධකයක් ලෙස HIPහි වැදගත්කම තවත් තහවුරු කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                