උසස් මට්ටමේ මෘදුකාංග නිපදවීමට කොලිටි කෝඩර් අත්පොතක්
උසස් තත්ත්වයේ මෘදුකාංග නිෂ්පාදනය කිරීම සහාය ලබාගත හැකි කොලිටි කෝඩර් (Quality Coder) අත්පොතක් සම්පාදනය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායනය (ICTA) පවසයි.
එහිදී, මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරත ප්‍රධාන පෙළේ සමාගම්වල පූර්ණ සහාය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) ලැබී තිබේ. ඔවුන් පෙන්වා දෙන පරිදි, මෙම අත්පොත ප්‍රායෝගික සහ ස්වයං ඉගෙනුම් මෙවලමක් ලෙසද සංවර්ධනය කර ඇති අතර, එහි අඩංගු කරුණු වඩාත් හොඳින් ග්රහනය කර ගැනීමට පහසුවක් ලෙස ඊට අදාළ වෙබ් අඩවි සහ යුටියුබ් වෙත ප්‍රවේශ වී ප්‍රායෝගික ක්‍රියාකාරකම්වල නිරත වීමට හැකිවීමද විශේෂත්වයක් වේ.
https://www.icta.lk/projects/9547 වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ග්‍රන්ථය ඩවුන්ලෝඩ් කරගත හැකි අතර, මෙය එළිදැක්වීම ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී පසුගියදා සිදුව තිබේ. එහිදී, නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් අමාත්‍යවරයා වෙත මෙම ග්‍රන්ථය පිළිගන්වා ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

