ඉන්දීය නිවාස ව්‍යාපෘති සඳහා නුවරඑළියේදී මුල්ගල් තැබේ
ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පූඩළුඔය පිහිටි මැදකුඹුර වතුයායේ නව නිවාස 250ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදුව තිබේ.
උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම්, අධ්‍යාපන අමාත්‍ය වී. එස්. රාධක්‍රිෂ්ණන් සහ වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් අරින්දම් බග්චි යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වී ඇත.
එදිනම හැටන් ප්‍රදේශයේ වෙල්ලායිඔය වතුයායේ නව නිවාස 50ක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම සිදුව ඇති අතර, මෙම අවස්ථාවට අමාත්‍යවරුන් සහ මහනුවර සහකාර ඉන්දීය කොමසාරිස් ධිරේන්ද්‍ර සිං මහතාස සහභාගී වී තිබේ.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා විසින් පොරොන්දු වූ නිවාස 10,000ක් ඇතුළුව වතුකරයේ නිවාස 14,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජය ගෙනයන වැඩපිළිවෙළ යටතේ මෙම නිවාස ව්‍යාපෘති අරඹා ඇති බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


