ඇමෙරිකා නව තීරුබදු ගැන කඩිනම් මැදිහත්වීමක් CCC රජයෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් කිහිපයක් විසින් අපනයනය කරන භාණ්ඩ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය විසින් යෝජිත ශ්‍රම ආශ්රිත 12.5%ක තීරුබදු පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලය තම දැඩි කනස්සල්ල පළ කර සිටියි.
මෙය සිදුවන්නේ මීට පෙර ප්‍රකාශයට පත් කළ අන්‍යෝන්‍ය තීරුබදු තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා ඉදිරියට ගෙන යමින්, වඩාත් වාසිදායක වෙළෙඳ ගිවිසුමක් ලබා ගැනීමට උත්සාහ දරණ අවස්ථාවකදීය.
ශ්‍රී ලංකාවේ අපනයන සඳහා අතිරේක තීරුබදු පැනවීම අනෙකුත් රටවල් හා සසඳන විට ප්‍රධාන අපනයන අංශවල තරගකාරීත්වය අඩපණ කිරීමේ අවදාමනමක් ඇති අතර, එම රටවල් 10%ක අඩු තීරුබදු අනුපාතිකයකට යටත් වේ. අපනයන වර්ධනය වේගවත් කිරීමට, ආයෝජනය ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරන අවස්ථාවක වෙළෙඳ බාධකවල ඉතා සුළු වැඩිවීමක් වුවද සැලකිය යුතු අභියෝගයක් ඇති කරයි. මෙම වර්ෂයේ මුල් මාස හතර ඇතුළත ඇඟලුම් හා තේ වැනි ප්‍රධාන අපනයන පිළිවෙලින් 7%කින් හා 6%කින් පහත වැටී ඇත.
වගකිවයුතු මූලාශ්‍ර සහිත රටක් ලෙස ශ්‍රී ලංකාව ශක්තිමත් කීර්තියක් ගොඩනගාගෙන ඇති අතර, ඉහළ ශ්‍රම, පාරිසරික සහ පාලන ප්‍රමිතීන්ට අනුකූල වේ. නියාමන රාමු ශක්තිමත් කිරීම සහ සදාචාරාත්මක ව්‍යාපාරික ක්‍රියාකාරකම් භාවිතයන් සම්බනධයෙන්ද ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇත.
එබැවින්, යෝජිත තීරුබදු සඳහා වන පදනම වඩාත් හොදින් අවබෝධ කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ඉදිරිපත් කිරීම සඳහා අදාළ බලධාරීන් එක්සත් ජනපදය සමඟ ඉහළම මට්ටමින් ක්‍රියාකාරීව සම්බන්ධ වන ලෙස ලංකා වාණිජ මණ්ඩලය ඉල්ලා සිටියි. යෝජිත තීරුබදු අඩු කිරීම සහතික කීඊමට සහ අවසානයේ එය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීම සඳහා සෑම උත්සාහයක්ම ගත යුතුය. එමෙන්ම, වඩාත් තරඟකාරී සහ පුරෝකථනය කළ හැකි වෙළෙඳ පරිසරයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාව නැවතත් අඩු තීරුබදු කාණ්ඩයට පැමිණීමට උත්සාහ කිරීම වැදගත් වේ.
ශ්‍රී ලංකාවේ අපනයන සඳහා එක්සත් ජනපදය වෙළෙඳපොළ තුළ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන අපනයනකරුවන්ගේ සහ ආයෝජකයන්ගේ විශ්වාසය ගොඩනැනැංවීමේදී කාලෝචිත පැහැදිලි සන්නිවේදනයක්, අපනයනකරුවන් සහ ආයෝජකයින් අතර විශ්වාසය තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වනු ඇත. ශ්‍රී ලංකාවේ අපනයන තරඟකාරිත්වය සහ දිගුකාලීන ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සියලුම පාර්ශ්වකරුවන් සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කිරීමට ලංකා වාණිජ මණ්ඩලය සූදානමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

