දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තක්සේරු නිලධාරීන්ගේ සංගමයේ ප්‍රථම වාර්ෂික මහා සභාරැස්වීම ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත්විණි.
මේ සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජල සම්පාදන හා ජලාපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නියෝජ්‍ය කථානායක චන්දිම විරක්කොඩි, දේශීය අදායම් කොමසාරිස් ජනරාල් මල්ලිකා සමරසේකර, නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් කල්යානි දසනායක යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක් වූහ.