අස්වනු නංවන කෘෂිකාර්මික නවීකරණය සඳහා කොමර්ෂල් බැංකුවෙන් පියවරක්
සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර සවිබල ගැන්වීම සහ තිරසාර කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ තම දිගුකාලීන කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන සහල් නිපදවන කලාපයක් වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී ඵලදායිතාව ඉහළ නැංවීම සහ ගොවීන්ගේ ජීවනෝපායන් නගා සිටුවීම අරමුණු කරගත් වැඩසටහනක් කොමර්ෂල් බැංකුව විසින් ආරම්භ කර තිබේ.
“පොළොන්නරුව දිස්ත්‍රික්කය යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) සහ අධි තාක්ෂණික කෘෂිකර්මාන්ත ක්‍රමවේද අනුගමනය කිරීම හරහා වී ඵලදායිතාව සහ ගොවීන්ගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම” යන තේමාවෙන් බැංකුවේ සංවර්ධන ණය දෙපාර්තමේන්තුව, එහි කදුරුවෙල ශාඛාව සමග එක්ව සමාරම්භක වැඩසටහනක් මෑතකදී පවත්වන ලදී.
ගිරිතලේ අග්බෝ හෝටලේ පැවති මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ විවිධ කෘෂිකාර්මික ප්‍රජාවන් නියෝජනය කරමින් ප්‍රදේශ අටකින් ගොවීන් 120කට වැඩි පිරිසක් සහභාගි වූහ. ජාතික ආහාර සුරක්ෂිතතාව, ග්‍රාමීය ආර්ථිකය බලගැන්වීම මෙන්ම, ආර්ථික වෙනස්වීම්වලට දිගුකාලීන ඔරොත්තු දීමට ගොවීන්ට සහාය වීම සඳහා දැනුම බෙදාදීම සහ තිරසාර කෘෂිකාර්මික විසඳුම් ලබාදීම ඇතුළත් කොමර්ෂල් බැංකුවේ පුළුල් දැක්මේ කොටසක් ලෙස මෙම මුලපිරීම පෙන්වාදිය හැක.
මෙම වැඩසටහන සැලසුම් කර ඇත්තේ දේශීය වී වගාවේ අඛණ්ඩව පවතින ඵලදායීතාවය පරතරය පියවීම වෙනුවෙනි. කෘෂිකාර්මික විශේෂඥයන් ඇස්තමේන්තුගත කරන පරිදි හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 6ක වී අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පැවතියද, පොළොන්නරුවේ දැනට සාමාන්‍ය අස්වැන්න ලෙස ලබා ගන්නේ මෙට්‍රික් ටොන් 4.5ක පමණි. මෙම පරතරය පියවීම සඳහා නවීන වගා ක්‍රම, කෘෂි රසායනික ද්‍රව්‍ය වගකීමෙන් යුතුව භාවිත කිරීම, යාන්ත්‍රිකකරණය, මූල්‍ය කළමනාකරණය සහ පාරිසරික තිරසරභාවය පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම කෙරෙහි මෙම වැඩසටහනින් අවධානය යොමු කරන ලදී.
මෙම වැඩසටහනට සහභාගී වූවන් අතර බැංකුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, නැගෙනහිර විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා මහා බැංකුව - උතුරු මැද කලාපය, ඒ. බවර් සහ සමාගම සහ බ්‍රවුන්ස් ඇග්රිකල්චර් යන ආයතනවල නියෝජිතයින් ද විය. වැඩසටහනේ සැසිවාරවලදී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීම, අධි තාක්ෂණික කෘෂිකාර්මික ශිල්පීය ක්‍රම, කෘෂි යෙදවුම් තිරසාර ලෙස භාවිත කිරීම සහ වී යන්ත්‍රෝපකරණවල නව තාක්ෂණයන් වැනි ප්‍රධාන මාතෘකා ආවරණය කරන ලදී.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකුකරණය/සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මිතිලා ෂාමිනී මහත්මිය, “ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කොඳු නාරටිය කෘෂිකර්මාන්තය වන අතර, ඒ තුළ සිදුවන පරිවර්තනය, අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට සහ ග්‍රාමීය සමෘද්ධිය ඇති කරවීම සඳහා වන කේන්ද්‍රස්ථානය වෙනවා. කොමර්ෂල් බැංකුවේ අප විශ්වාස කරන පරිදි, එම පරිවර්තනයට අත්‍යවශ්‍ය වන්නේ දැනුම, තාක්ෂණය සහ මූල්‍යමය අන්තර්ගතකරණය හරහා ගොවීන් සවිබල ගැන්වීම බවයි. පොළොන්නරුවේ දී අප දියත් කළ මෙම මුලපිරීම, අස්වැන්න වැඩිදියුණු කිරීමට වඩා වැඩි යමක් වෙනවා. එය ජීවනෝපායන් ශක්තිමත් කිරීම, ග්‍රාමීය ව්‍යවසාය නවීකරණය කිරීම සහ අනාගත පරම්පරාවන් උදෙසා ගොවිතැනේ තිරසරභාවය සහතික කිරීම ගැනයි.” යනුවෙන් පවසා සිටියාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

