ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ලබන 2025 ජූනි මස 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
2005 වසරෙන් පසු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු අවස්ථාව මෙය වෙයි.
සිය සංචාරය තුළ දී, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව 2025 ජූනි මස 16 වැනිද සංවිධාන කරන, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම : ණය සහ පාලනය“ සමුළුවේ විශේෂ ආරාධිතයෙකු ලෙසද ආචාර්ය ගෝපිනාත් මහත්මිය සභාගිවීමට නියමිතව තිබේ.
භානුක අමරසිංහ