අධිපති ධුරය භාරගැනීමට ආචාර්ය නන්දලාල් අද එයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ධුරය භාරගැනීම සඳහා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා අද (07දා) දිවයිනට ළඟාවීමට නියමිතව තිබේ.
මහ බංකු අධිපති ධුරය භාරගැනීමට ජනාධිපතිවරයා කළ ආරාධනය පිළිගනිමින් හෙතෙම මෙසේ යළි දිවයිනට පැමිණීම සිදුවෙයි. කෙසේ වෙතත් නව අධිපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් මහ බැංකුව පෙරේදා (05දා) සවස් වනතුරුම නිවේදනයක් නිකුත් කර නොතිබුණි.
මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධුරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය 04දා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව, හිස්වූ අධිපති ධුරයට නම් කිහිපයක් යෝජනා වුවද, හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නම මූලික වූ බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.
වර්ෂ 2011 සිට 2020 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධුරය හෙබවූ ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා, 2010 සිට 2012 දක්වා ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ භූතානය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

