ජනාධිපතිවරයා හා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (28) පස්වරු 5.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
කෙරවලපිටිය, යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස්වලින් 40% ක් අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම සම්බන්ධයෙන් මේ වනවිට උද්ගතවී ඇති තතත්වය හා අනෙකුත් කරුණු සාකාච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.