ෆොන්සේකාට එජාප අපේක්ෂකයා ගැන කියන්න බැරිලු
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීම පක්ෂයේ කාර්යක් බවත් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයින්ට එය සිදු කල නොහැකි බවත් රාජ්‍ය අමාත්‍ය රංජිත් අළුවිහාරේ මහතා පවසයි.
මාතලේ - අකුරම්බඩ ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ මේ වන විට කිසිදු අර් බුධයක් නොමැති බවත් පිටස්තර හෝ පක්ෂයට අලුතෙන් එක්වූ පිරිස්වලට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගැනීමට නොහැකි බවත් ඔහු පැවැසීය.
“නියම වෙලාවට අපි තීරණය කරනවා කවුද අපේකෂකයා කියලා. සරත් ෆොන්සේකා මහතා අගමැතිවරයා විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරලා තියෙන්නේ. එයාට කිසිම වගකීමක් නැහැ. ඔය කරන ප්‍රකාශ පිළsගන්නේ නැහැ. එහෙම ප්‍රකාශ කරන්න එතුමට අයිතියකුත් නැහැ“
නාඋල - ඉන්දික අරැණ කුමාර

popular news
-
Lion Thursday, 15 August 2019 02:27 PM
අනේ මේ යක්කු මේ රට වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ
Reply : 0 1
අප්පුහාමි Thursday, 15 August 2019 07:21 PM
ඇයි අනුන්ට පවුල් වාදය කියමින් මාතලේ පවුල්වාදය පවත්වන්නේ මේ කට්ටියනේද.ඒක තමා කරල තියෙන්නේ.දැන් ෆොන්සේකාත් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් මෙන්ම මෙරට බේරාගත් වීරයා ඔහුට පක්ෂයේ අඩුපාඩු කියන්න හැකියාවක් නැද්ද.දැන් පක්ෂයේ කෙනෙක් තමාම අපේකෂකයාලෙසට පත්කරගෙන ඒකාධිපතිත්වයකට සූදානම්වෙනවා ඒක හරිද. දැන් එක්සත් ජාතික පක්ෂයේත් ඇත්ත නැත්ත කියන්නවත් ඉඩක් නැද්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

