ෆොන්සේකාගෙන් යුද හමුදාපතිට දොස්මුරයක්
වත්මන් යුද හමුදාපති බල ඇණි 33ක් වැසීමට යෝජනා කර ඇති බවත් එය විශාල ප්‍රමාණයක් බවත් හිටපු යුද හමුදාපති, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
“ඔය යුද හමුදාපති මම යුද්ධය මෙහෙයවද්දී යුද හමුදා මූලස්ථානේ ෆයිල් ගොඩක් භාරව සිටි බ්‍රිගේඩියර්වරයෙක්. එයා කියනවානම් අපිට වඩා දන්නවා කියලා. එයා වලිගේ පාගගෙන දොඩවනවා. අද වන විට හමුදාවේ බලඇණි 33ක් වහන්න හමුදාපති උපදෙස් ඇරලා තියෙනවා. ඒක විශාල ප්‍රමාණයක්.
යුද්දේ කාලයේදී ෆයිල් ගොඩක් එක්ක හිටපු බ්‍රිගේඩියර් කෙනෙක් හිතනවානම් එයාට දැනුම තියෙනවා ඔක්කොටම වඩා කියලා හිතනවානම් මේ පුද්ගලයා සියලුම දේ අවතක්සේරු කරගෙන හිතුමතේට වැඩ කරනවා කියලයි.
මේ හමුදාපතිවිතරයි ආරක්ෂක විද්‍යා පීඨයකට යන්නේ නැතිව හමුදාපති වුණ පුද්ගලයා. හමුදාවේ හතරවැනියා ලෙස විශ්‍රාම යන්න තියෙන විට අනිත් මිනිස්සු කරපු වැරදි නිසා මෙයා හමුදාපති වුණා. දක්ෂයෙක් නිසා නෙමෙයි.
විකෘති මනසකින් වැඩකරනවා. එයා ඉස්සෙලාම ඉගෙන ගන්න ඕන වැදගත් රජයේ සේවකයෙක් ලෙස කොණ්ඩය පීරන්න. තට්ටෙගාලා ඉන්නවා ඉඩි අමීන් වගේ. එහෙම හමුදාපතිලා මම ලෝකයේ කොහෙවත් දැකලා නෑ.”
ඊයේ ගම්පහ ප්‍ර දේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

popular news
-
ROCKY Tuesday, 11 September 2018 06:50 PM
හරියටම හරි. කිවුවට අමනාප වෙන්න එපා. ඒ මහත්තයාගේ පින්තුර දැක්කාම මටත් ඉදි අමීන්ව මතක් වුන.
Reply : 0 0
upul Wednesday, 12 September 2018 11:23 AM
මට නම් මතක් වුනේ සනත් ජයසුරිය
Reply : 0 0
Champa Wednesday, 12 September 2018 03:26 PM
හමුදාපති කියන්නේ අපක්ෂපාති රජයේ නිලධාරියෙක්. කෙනෙක් කියපුවට උත්තර දිදී ඔහුට නිවේදන නිකුත් කරන්න බැහැ. කවුද අවසර දුන්නේ එහෙම කරන්න? අනිත් එක හමුදාපතිගේ නිවෙදනේ "සදාචාරාත්මක අයිතියක් නැහැ" වගේ වචන පාවිච්චි කරන හරිද? ඒවා දේශපාලකයෝ කියන වචන. හමුදාපති වැඩ කරන්නේ දේශපාලකයෙක් වගේ. ඔහුගේ නිවේදන නිසා රටට නිග්‍රහයක් සිද්ධ වෙනවා. හිටපු හමුදාපති හැටියට සහ අවසාන යුද්ධය මෙහෙයවපු හමුදාපති හැටියට සරත් ෆොන්සේකාට අයිතියක් තියෙනව හමුදාව වෙනුවෙන් කතා කරන්න. ඔහුත් එක්ක බලන කොට දැන් ඉන්න හමුදාපති කවුද? හමුදවේ තියෙනවා නේද ජ්යෙෂ්ත්වයට සැලකීම ගැන රීති එහෙම. හමුදාපති, සරත් ෆොන්සේකාට විරුද්ධව කතා කරන එකෙන් නිවේදන නිකුත් කරන එකෙන් ඔහු හමුදාවට දෙන්නේ වැරදි පූර්වාදර්ශයක්. හමුදාව දේශපාලනීය කිරීමක්. මහින්දගේ කාලේවත් මෙහෙම වුනේ නැහැනේ. වෙන කාට ආවේ නැතත් සරත් ෆොන්සේකාට හමුදාව ඇතුලේ සිද්ධ වෙන දේවල් ගැන නියම තොරතුරු ලැබෙනව. ඒ හින්දා මිනිස්සු විශ්වාස කරන්නේ හිටපු හමුදාපති කියන එක මිසක් ඉන්න හමුදාපති එහෙම නැහැයි කියන එක නෙමෙයි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

