ෆොන්සේකාගෙන් මාධ්‍යට දොස් මුරයක්
ශ්‍රී ලංකාවේ මාධ්‍ය හරි දේ විකෘතර කරමින් නොයෙක් අර්ථකථන ලබාදෙන බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අද කිරිබත්ගොඩදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම පොලිස්පතිවරයාට ඉල්ලා අස්වීමට පවසා ඇතැයි තමන් නොදන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.
“පොලිස්පති කියන්නේ සුවිශේෂී චරිතයක්. චෝදනා තියෙනවානම් අනිවාර්යයෙන්ම පරීක්ෂණ පවත්වලා ඒ වගේ හරි තීරණයකට යන එක දෙපැත්තටම හොඳයි. චෝදනා එල්ල කරන අයටත් හොඳයි චෝදනාවලට ලක්වෙන අයටත් හොඳයි.
චෝදනා එල්ල කරන පළියටම තනතුරුවලින් ඉවත් කරන්න බෑ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්. චෝදනා එල්ල කරන අයගේ පසුබිම මොකක්ද, ඒ අයගේ පැටිකිරිය මොකක්ද කියලා යම් යම් ප්‍රශ්ණ සහගත තත්ත්වයන් ඇතිවුණ වෙලාවන් තියෙනවා.(පොලිස්පතිවරයාට ඉල්ලා අස්වෙන්න කියලා) තාම එහෙම කියලා තියෙනවා කියලා නම් අපිට දැනුම් දීලා නෑ.
චෝදනා එල්ල වුණාට මදි ඔප්පු වෙන්න ඕන. නැත්නම් එක එක්කෙනා මඩ ගහන තරමට, එක එක්කෙනා ඇඟිල්ල දිගු කරන තරමට මේ රටේ මාධ්‍ය නොයෙක් අර්ථකථන දිදී හරි දේ විකෘති කරලා ප්‍රකාශ කරන තරමට මේ රටේ ඉන්න කට්ටිය අයින් කරන්න ගියානම් කාටවත් රැකියාවක් කරන්න බැරිවෙයි. වගකිමක් දරන්න බැරිවෙයි. ඒක නිසා ඒවා ඒ ආකාරයෙන්ම පිළි ගන්න බෑ අපිට.”

popular news
-
sathyapala Thursday, 20 September 2018 04:19 PM
මාකදුරේ මදුෂ් තම පියාගේ මල ගෙදරට එවූ ශෝක පණිවුඩයේ ශපත කර තිබුනේ තමනට තර්ජනයක් වූ දේශපාලන බලවතුන් නැතිකරන බවටය. ඒ ඔහු ඝෝඨභය ඝාතනය සදහා නාලක සිල්වාගෙන් ලැබුන අනකිරීමත් සමග ලැබුන ශක්තිය බව පැහැදිලිය. දෙවනුව නාලක සිල්වා නිතරම පොලිස් විශේෂ කාර්ය බලකායට පහර ගැසුවේත්, මෛත්‍රීපාල සිරිසේන සහ ඝෝඨභය ඝාතනයට සැලසුම් කලෙත් කාගේ අරමුනකටද බව දැන් හෙලිව්මින් පවතී. මෛත්‍රී සහ ඝෝඨභය දෙදෙනාට මේ ලෙසම පහර ගසමින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායට පහරගසමින් පාතාලයේ අය ලංකර ගනිමින් සිටි සරත් ෆොන්සේකා නිතරම කියූ තවත් වදනක් වුයේ ඉතා හොද සමහර උසස් පොලිස් නිලධාරීන් සිටින බවය. ඒ නාලක සිල්වා ගැනය. මේ ඝාතන කුමන්ත්‍රණය පසුපස නාලක සිල්වා සමග සරත් ෆොන්සේකාද සිටින බවට මා තරයේ විශ්වාස කරමි. එබැවින් මේ පරීක්ෂණ ඒ දෙසටත් යොමු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි.
Reply : 213 315
Lion Thursday, 20 September 2018 05:00 PM
This is very true
Reply : 19 57
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
