ෆේස්බුක් සාදයේදි අත්අඩංගුවට ගත් 51 දෙනාට දඩ
බලන්ගොඩ බෙලිහුල ප්‍රදේශයේදි ෆේස්බුක් සාදයකදි අත්අඩංගුවට ගත් සැකකරුවන් 51දෙනා විවිධ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට අද (17) ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් රුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සියලු දෙනාට දඩ නියම කළේය.
ඒ අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 4 දෙනෙකුට හා අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් එක් පුද්ගලයෙකුට ඇතුළු 5කට එක් අයෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් 500,000 දඩ නියම කළේය.
ගංජා හා මත්පෙති මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් අනෙක් පුද්ගලයින් 48 රුපියල් 2500 හා 3,000 බැගින් දඩ නියම කළේය.
මෙය තරුණ තරුණියන් වයස අවුරුදු 18 හා 25 අතර පසුවන්නන් වන අතර ඔවුන් සියලුම දෙනා ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
පොලිස් විශේෂ කාර්ය බලකාය බලන්ගොඩ ,රත්නපුර හා ඇඹිලිපිටිය සුරාබදු නිලධාරීන් මෙම වැටලීම සිදු කර අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
බලන්ගොඩ - රෝහණ වසන්ත

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
