අම්බලන්ගොඩ ඉඩම්තොට ප්‍රදේශයේ ෆේස් බුක් සාදයක් පවත්වා තරුණ තරුණියන් විසිපස් දෙනෙකු ඔවුන් භාවිත කිරීමට රැගෙන ආ මත්ද්‍රව්‍ය වර්ග රැසක් සමග ඊයේ (6) අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සාදය පැවැත්වූ තරුණ තරුණියක් ළඟ තිබී ගංජා, අයිස්, හෙරොයින් ,හෂීස් හා මත් පෙති ඇතුළු තහනම් මත්ද්‍රව්‍ය රැසක් සොයා ගත් බවද පොලීසිය කියයි.
සැකපිට අත්අඩංගුවට තරුණ තරුණියන් උතුරු හා නැගෙනහිර දෙපළාත හැර ලංකාව පුරාම විවිධ ප්‍රදේශවල අය බවත් පොලීසිය කියයි. සැකකරුවන් අද (7) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි.