එක්සත් ජනපද ජනාධිපති ධුරයට තේරී පත්වූ ජෝ බයිඩන්, රජයේ ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසිට සිය ධුරයේ රැඳී සිටින ලෙසත්, තමා බලයට පත්වීමෙන් පසු ඔහුගේ කොවිඩ්-19 මෙහෙයුම් කණ්ඩායමට එක්වන ලෙසටත් ඉල්ලීමක් කර තිබේ.
"පසුගිය ජනාධිපතිවරුන් කිහිපදෙනා සමගම කටයුතු කළ ආකාරයෙන්, ඔහු ඉටුකළ කාර්යභාරය දිගටම කරගෙන යන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියා" බයිඩන් සී.එන්.එන්. සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේය.
මැතිවරණයෙන් පසුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වෛද්‍ය ෆවුසි ධුරයෙන් පහ කරනු ඇතැයි සඳහන් විය. එසේම බොහෝ අවස්ථාවල ෆවුසිගේ මතවාදය සමග ට්‍රම්ප් ගැටුණු අතර, ෆවුසි විද්‍යාව මත පිහිටා කටයුතු කරන ලෙස කීවාත්, ට්‍රම්ප් එය ප්‍රතික්ෂේප කළේය.
"ඒ වගේම මා වෙනුවෙන් ප්‍රධාන වෛද්‍ය උපදේශක ලෙස කටයුතු කරන ලෙසත්, කොවිඩ්-19 මෙහෙයුම් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ලෙසත් මා ඔහුගෙන් ඉල්ලා සිටියා." බයිඩන් වැඩිදුරටත් සඳහන් කළේය.