ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට දේශිය වන වගාවකට ජනපතිගෙන් ආරම්භයක්
මහනුවර මහනගර සභාවට අයත් දුණුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ එම භූමියේ දී සිදු විය.
පිවිතුරු හරිත පුරවරයක් ගොඩනඟමින් ජෛව විවිධත්වය සුරකින ,තුරු ප්‍රජාව, නමින් වැඩසටහන නම් කර තිබුණි.
මෙම අවස්ථාව සංඛේතවත් කරමින් ජනාධිපතිතුමා විසින් දුණුමඩලාව රක්ෂිතයේ මී පැළයක් රෝපණය කරනු ලැබීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ, මහනුවර නියෝජ්‍ය පුරපති ඉලානි ආබ්දීන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

popular news
-
Sanath Friday, 07 June 2019 02:21 PM
නිවැරදි තීරණයක් .
Reply : 0 0
Sam Friday, 07 June 2019 04:50 PM
මේක ඉතාමත් හොද වැඩක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

