කොවිඩ්-19 වෛරසයට එරෙහි බයෝඑන්ටෙක්/ෆයිසර් එන්නත භාවිත කිරීම සඳහා අනුමැතිය ලබාදුන් ලොව පළමු වැනි රට බවට එක්සත් රාජධානිය පත්වෙයි.
එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදක ෆයිසර් සහ එහි ජර්මානු හවුල්කරු බයෝඑන්ටෙක් විසින් නිෂ්පාදිත මෙම එන්නත සඳහා එක්සත් රාජධානිය හදිසි භාවිතය සඳහා මෙසේ අවසරයක් ලබාදී ඇති බව සමාගම් නිවේදනය කරයි.
ඒ අනුව ලොව පුරා සායනික අත්හදා බැලීම්වලින් බැහැරව ජනතාවට කොවිඩ්-19 ට එරෙහිව ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට අවස්ථාව ලැබෙන පළමු අවස්ථාව මෙය බව බයෝඑටෙක් හි ප්‍රධාන විධායක නිලධාරී උගුර් සහින් පවසයි.
මෙම එන්නත ලබන සතියේ සිට එක්සත් රාජධානිය පුරා ලබාදෙන බව එරට සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. වැඩිහිටියන් හා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය වැනි ප්‍රමුඛතා කණ්ඩායම්වලට එන්නත ලබා ගැනීම සඳහා උපදෙස් ඇතුළුව වැඩි විස්තර ළඟදීම නිකුත් කෙරෙනු ඇත.
ෆයිසර් සහ බයෝඑන්ටෙක් මීට පෙර කියා සිටියේ එන්නත සායනික අධ්‍යයනයන්ගෙන් 95%ක්ම ඵලදායීතාව පෙන්වා ඇති බවයි.