එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ (CDC), ප්රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව විසින් වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 ප්රතිශක්තීකරණ එන්නත නිර්දේශ කරමින් සිය අනුමැතිය ලබාදී තිබේ.
CDC අධ්යක්ෂ ආචාර්ය රොබට් රෙඩ්ෆීල්ඩ් කමිටුවේ නිර්දේශය පිළිගන්නා තෙක් එන්නත් ලබාදිය නොහැකි නමුත්, එය මේ වනවිටත් සිදුවෙමින් පවතින බව එක්සත් ජනපදයෙන් වාර්තා වෙයි.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) පසුගිය සිකුරාදා එක්සත් ජනපදයේ හදිසි භාවිතය සඳහා ෆයිසර් සහ බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 ප්රතිශක්තිකරණ එන්නත අනුමත කළේය.