ෆෝමියුලා වන් ලෝක ශූරතාව හත්වරක් ජයගෙන ඇති ලෝක ශූර ධාවක ලුවිස් හැමිල්ටන් කොවිඩ්-19 සඳහා ධනාත්මක වීමත් සමග, එලැඹෙන සති අන්තයේදී බහරේන්හි සකීර් ග්‍රෝන් ෆ්‍රී ෆෝමියුලා වන් තරගය මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන්ට මගහැරෙන බව කියයි.
කොවිඩ්-19 නිර්දේශයන්ට සහ බහරේන්හි මහජන සෞඛ්‍ය අධිකාරියේ මාර්ගෝපදේශයන්ට අනුකූලව ඔහු දැන් හුදෙකලා වෙමින් සිටින අතර, ඔහුගේ සියලුම සම්බන්ධතා ප්‍රකාශයට පත්කර ඇති බවද කියයි.
"මේ සති අන්තයේ ධාවන පථයට පැමිණීමට නොහැකි වීම ගැන මම දැඩි සේ කම්පාවට පත්වෙනවා" ලෝක ශූරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "නමුත් මගේ ප්‍රමුඛතාව වන්නේ අන් අයව ආරක්ෂා කිරීම සඳහා වන මාර්ගෝපදේශ සහ උපදෙස් අනුගමනය කිරීමයි."
මේ වනවිටත් හත්වරක් ෆෝමියුලා වන් ලෝක ශූරතාව දිනාගත් හැමිල්ටන් මෘදු රෝග ලක්ෂණ අත්විඳින නමුත් ඔහු හොඳින් සිටින බව මර්සිඩීස් කණ්ඩායම පවසයි.
"සඳුදා උදෑසන ඔහු මෘදු රෝග ලක්ෂණ සහිතව අවදි වී තිබුණා. ඒ වගේම බහරේනයට පැමිණීමට පෙර ඔහු සමග සිටි ආශ්‍රිතයෙකු පසුව ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඔහුට දැනගන්නට ලැබුණා" ෆෝමියුලා වන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. "එබැවින් ලුවිස් සඳහා කළ පරීක්ෂණයකදී ඔහු ධනාත්මක වුණා. ඒ වගේම මෙය නැවත පරීක්ෂණයකින් සනාථ වී තිබුණා."