නව කොරෝනා වෛරසයේ පැතිරීම වේගවත් වීම හේතුවෙන් ෆින්ලන්ත රජය විසින් බාර් සහ අවන්හල් සඳහා අළුයම 1.00 සිට ඇඳිරි නීතිය හඳුන්වා දී තිබේ.
රජය විසින් අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් මෙම පියවර ගෙන ඇත්තේ කොවිඩ්-19 රට තුළ පැතිරීම වැළැක්වීම සඳහා බවය.
එය බදාදා පැවැත්වෙන කැබිනට් රැස්වීමකදී විවාදයට ගැනෙන අතර එය අනුමත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නව නීතිය මගින් ආහාර සැපයීමේ ආයතන දේශීය වේලාවෙන් අලුයම 1.00ට පෙර වසාදැමිය යුතු අතර, මධ්‍යම රාත්‍රියේ මත්පැන් පානය නතර කළ යුතුය. එය ඔක්තෝබර් 31 දක්වා ක්‍රියාත්මක වේ.
නව සීමාවන්ට අනුවර්තනය වීමට බාර් සහ අවන්හල් සතියක සංක්‍රාන්ති කාලයක් පවතින අතර එය ඔක්තෝබර් 8 වන විට පූර්ණ ලෙස ක්‍රියාත්මක විය යුතුය.
පවත්නා මෙම ඇඳිරි නීතියට අමතරව, ඔක්තෝබර් මාසය පුරාම ෆින්ලන්ත රජය විසින් රට පුරා කලාපවල කොවිඩ් -19 පැතිරීම නිරීක්ෂණය කරනු ඇති බව කියයි. ආසාදන අනුපාතය වැඩි වන ප්‍රදේශවලට තවදුරටත් සීමාවන් පැනවිය හැකි අතර, රාත්‍රී 11ට පෙර ඒවායෙහි අවන්හල් වසා දැමීමට බල කෙරෙනු ඇත. එමෙන්ම රාත්‍රී 10ට පෙර බාර් වසා දැමීමට නියෝග කරනු ඇති බව පැවසෙයි.