ළමා විවාහ තහනම් කරන්න රතන හිමිගෙන් පනතක්
ළමා විවාහ නීති විරෝධී කිරිමට අදළ පනත් කෙටුම්පතක් ලබන සතියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ ප්‍රකාශ කළහ.මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
“හින්දු හා බෞද්ධයින් විශාල පිරිසක් විවාහයෙන් මුස්ලිම් ආගමට හරවාගෙන තිබෙනවා. පාසල් යන දරුවන් විවාහ කර ගැනීම රටේ නීතිය යටතේ වරදක්.
කොන්ද පන ඇති ආණ්ඩුවක් විසින් ඊළඟ ජනපතිවරණයෙන් පසුව කළ යුතු පළමු කාර්යය තමයි පාසල් යන දරුවන් විවාහ කර ගැනීම නීති විරෝධී කිරීම.
මේක පනතක් ලෙස ලබන සතියේදී අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
විවාහයෙන් මුස්ලිම් ආගමට හරවා ගත් ප්‍රමාණය 90000ක් පමණ වෙනවා. මේ පිරිසට ආපහු තමන්ගේ ආගමට යන්න අවශ්‍යනම් ඒ සඳහා නීති කිහිපයක් හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇතැම් මද්රාසා පාසල්වල අරාබි භාෂාව හා ඉස්ලාම් ආගම පමණයි උගවන්නේ.
මේ මද්රාසා පාසල් තහනම් කිරීමේ පනතත අපි ලබන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.”
popular news
-
Champa Saturday, 06 July 2019 04:21 PM
ළමා විවාහ සහ බහු විවාහ යන දෙකම තහනම් කරන්න ඕනේ.
Reply : 0 5
ජයසෙකර Saturday, 06 July 2019 06:20 PM
ලමා වයස ජිවිතය තිරන ගන්න මෙරිමක් නොමති වයසක් එ නිසා ලමා විවාහය හා ලමයි පුජකයන් ලෙස අතුලත් කිරිමත් මෙම පනතින් තහනම් කිරිම යොගියයි. සියලු ලමයි සිටින ආයතන සංගිතය හා කිඩා වලට අවස්තාව තිබිය යුතුයි. රට තුල එක නිතියක් තිබිම අවශ්‍යයි.
Reply : 0 5
ලංකාපුත්‍ර Sunday, 07 July 2019 06:45 AM
මුස්ලිම් පමණක් නොව සිංහල පවුල්වලත් දෙමාපියන්ගේ අනුදැනුම ඇතිව අවුරුදු14 /15/16 වයසේ දැරියන් තමා තෝරාගත් කෙනා සමග ගොස් එකට ජීවත්වෙනවා.විවාහ විය හැක්කේ අවුරුදු 18 දී නිසා අවුරුදු 18 ක් වයස්වන අවස්ථාව දරු උපතකට රෝහලට යන ගමනේදීම විවාහ ලියාපදිංචි වන අවස්ථාත් ඒ අනුව දකින්න පුළුවන්.සිංහල දරුවන්ට උදව්වට ආගමික සංවිධාන කිසිවක් නැහැ.දෙමාපියන්ගේ දරිද්‍රතාවය මෙයට හේතුවෙනවා. පනතින් ඒගැනත් බලනවානම් හොඳයි.ඒවගේම නින්දගම් සහිත විහාර හා පංසල්වලින්ද සිංහල ජාතිය වෙනුවෙන් යමක් කරනවානම් අගෙයි
Reply : 0 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

