ළමා නිවාසවල දරුවන්ට ආසන්නතම ජාතික පාසල
රජයේ ලියාපදිංචි වී ඇති සියලු ම ළමා නිවාසවල සිටින මව්පියන් අහිමි දරුවන්ට අදාළ ළමා නිවාසවලට ආසන්නයේ ම පිහිටා ඇති ජාතික පාසලට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ජනප්‍රිය පාසලක විදුහල්පතිනියක් විසින් පසුගිය දා ළමා නිවාසයක දරුවන් කිහිප දෙනෙකු එම ජාතික පාසලට ඇතුළත්වීමට අයදුම් කළ අවස්ථාවේ දී, පාසලටත් විදුහල්පතිනිය වශයෙන් තමාගේත් කීර්ති නාමයට හානි වන බව පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව අමාත්‍යවරයාට ලැබුණ තොරතුරක් අනුව මෙම තීරණය ගත් බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මව්පියන් අහිමි දරුවන්ට වෙනස් කොට සැලකීම දැඩි ලෙස හෙළා දකින බවත්, අධ්‍යාපනයට හිතැති සියලු දෙනා කළ යුත්තේ දරුවන්ට අධ්‍යාපනයෙන් ජීවිතය ජයගැනීමේ අවස්ථා විවර කරදීම බවත් අමාත්‍යවරයා සඳහන් කළ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

popular news
-
ලසන්ත Monday, 22 July 2019 06:34 PM
ඉතාම පුණ්‍යවන්ත ක්‍රියාවක් ඇමතිතුමා කරල තියෙන්නේ.සමහරක් විදුහල්පතිලා/පතිණිලාගේ තිබෙනවායැයි කියා මවාගත් කීර්තිනාමයන් නිසා ලමා නිවාස දරුවන්ගේ පමණක් නොව සාමාන්‍ය දරුවන්ගේ පවා මානව අයිතිවාසිනම් සම්පූර්ණයෙන්ම අහෝසිවෙනවා.මම මේ ළමා පිරිස් දෙකටම සිදුවූ අසාධාරණ අත්දැකලත් තියෙනවා.නමුත් ඇමතිතුමා ළඟම පාසැල හොඳම පාසැල කිව්වාට හොඳම පාසැල කිරීමට අපනිවසට ආසන්න පාසැල තෝරාගෙන ඇතත් එම පාසැලටනම් කිසිම දිනක පාසැල අවට දරුවන්ට නම් බස්නාහිරින් ඉර පෑව්වත් ඇතුලත්වීමට නම් නොහැකිවේවි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

