ළමා අපයෝජන වීඩියේ සිටින දැරිය ගැන තොරතුරු දන්නවනම් කියන්න
සමාජ ජලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ ළමා අපයෝජන සිදුවීමට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා එම වීඩියෝවේ සිටින වින්දිත දැරිය පිළිබඳ තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම වීඩියෝ පටය අන්තර්ජාලය තුළ ප්‍රචාරණය වීම සම්බන්ධයෙන් ජාලගත ආවේක්ෂණ සිදුකරමින් සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරමින් පවතී.
සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනිම සඳහා අන්තර්ජලාය ඔස්සේ ප්‍රචාරණය වූ වීඩියෝවේ සිටින වින්දිත දැරියගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට අවශ්‍ය බව පොලීසිය පවසයි.
ඒ අනුව එම දැරිය පිළිබඳව තොරතුරු දන්නේ නම් 077-7878414 හෝ 071-8264024 යන දුරකතන අංක අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
popular news
-
Kumar Tuesday, 03 March 2020 09:04 PM
රජයේ ඉල්ලීම ඉටු කරන්න එම වීඩියෝ එකේ ඉන්න චුදිත්යන්ගේ මුහුණු පෙවන්න ඕනෙ. එසේ නොකලොත් ඒ වීඩියෝව නොබලා කෙනකේ හඳුනාගන්න බැරිබව කියන්න ඕනෙ නැහැනෙ. මෙරට ඔය අසබ්ය වීඩියෝ බැලුවොත් වසර ගණනකට සිරගෙදරට යන්න වෙනවා. ලංකාවේ ඉන්න පරිගණක මොලකර්යින්ට බැරිද අන්තර්ජාලයට ඇතුල්කල ඉ මේල් ලිපිනය සොයාගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
