හෝටලයකට ගත් කුරුණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරාගනියි
වසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය කුරුණෑගල ඵෙතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහා නගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා (පො/පෙ) පියවර ගෙන ඇත.
ඒ අනුව එම හෝටලය වසා දමා එහි ආරක්ෂාවට නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට නගරාධිපතිවරයා පියවර ගෙන තිබේ.
කුරුණෑගල රාජධානියේ ආරම්භකයා ලෙස සැලකෙන දෙවැනි බුවනෙකබාහු රජුගේ පාලන සමයේදී මෙම ගොඩනැගිල්ල ඉදි කරන්නට ඇති බවට සැලකෙන අතර ඉන් පසුව ඔහුගේ පුත් දෙවැනි පරාක්‍රමබාහු රජු විසින් කුරුණෑගල රාජ මාලිගා පරිශ්‍රය ආශ්‍රිතවම දළදා වහන්සේ වැඩ හිඳුවීමට දළදා මාලිගයක් ඉදි කළ අතර අද එම දළදා මාලිගයේ නෂ්ඨාවශේෂ නටඹුන් අතරින් දක්නට ලැබෙන්නේ ගල් උළුවස්සක කොටසක් පමණි.
කුරුණෑගල නගරය ආවරණය වන පරිදි විශාල කොටසක කුරුණෑගල රාජධානියේ විවිධ කොටස් පැතිර තිබුණද එහි අංගසම්පූර්ණ ගොඩනැගිල්ලක් ලෙස දක්නට ලැබෙන්නේ මෙම රාජ සභා මණ්ඩපය සහිත ගොඩනැගිල්ල පමණි.
දැවයෙන් නිර්මාණය වූ මෙම ගොඩනැගිල්ල විටින් විට සිදු කරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් අද වනවිටද මනා තත්ත්වයෙන් පැවතීමද විශේෂත්වයකි.
කුරුණෑගල මහා නගර සභාවට අයත් මෙම ඵෙතිහාසික ගොඩනැගිල්ල මත්පැන් අලෙවිසලක් සහිත හෝටලයකට බදු දී තිබීම පිළිබඳව ජනතාවගෙන් කොපමණ විරෝධතා එල්ල වුවද එම ගොඩනැගිල්ල බද්දෙන් ඉවත් කර පවරා ගැනීමට මෙතෙක් සිටි නගරාධිපතිවරුන් පියවර ගෙන නොතිබීමද විශේෂ කරුණකි. මේ පිළිබඳව මාධ්‍ය මගින්ද අවස්ථා ගණනාවකදීම කරුණු හෙළි කළද ඊට නිසි ප්‍රතිචාරයක් හිමි නොවීය
ගීතාංජලී ප්‍රියදර්ශනී

popular news
-
Champa Thursday, 08 November 2018 12:50 PM
හාහාහාහා රාජ සභා මණ්ඩපය නේද? සෑහෙන් හදිස්සෙන් වුනු වැඩක් වගේ. පොදු ජන පෙරමුණේ නගරාධිපතිලු. බැසිල් රාජපක්ෂ මහින්දව ආපහු 2010-2015 ට අරන් යන්න වගේ නේද? අනේ හොඳයි. හිටපු ජනාධිපතිතුමාගේ උපන් දිනෙත් එනවනේ. එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. Ohhh මට ඒක කිව්වහම මතක් වුනා අර මිනිහෙක් කියපු කතාව. මේකට කොහෙත්ම අදාළ නැහැ. ඒ වුනාට වෙන ලියන්න තැනක් නැති නිසා මෙතනම ලියනවා. මේක මම CT එකට ලිව්වා. මට කියන්න ඕනේ වුනේ කතාවක් තියෙනව LTTE ස්නෛපර් තුවක්කුකරුවෙක් ජනාධිපතිතුමා පස්සෙන් එනව කියලා මේ දවස්වල. ඒ හින්ද, කවදද මම ඕක දැනගත්තේ? මතක නැහැ. මං හිතන්නේ එලඟ දවස් 6 ජනාධිපතිතුමා ඇතුලට වෙලා හිටිය නම් හොඳයි, වැඩිය එළිමහනට නෑවිත්. මම මේ වගේම දෙයක් කිව්වා 2016 ජනවාරි 26 ට ටික දවසකට ඉස්සෙල්ල. මම ආසයි මැරෙන්න යන මිනිස්සුන්ව බේරන්න. මුකුත් වෙන එකක් නැහැ. හැබැයි ඉතින් පරිස්සම් වෙන එක හොඳයි. මේවා කියලා මට ලබන අවුරුද්දේ stage එකට ඇවිල්ල මම කැමති ජනාධිති අපේක්ෂකයෙකුට සහයෝගය දෙන්න නම් අන්තිම කැමති පත්තරෙත් ලියලත් එන්න වෙයි වගේ. ඒ වුනාට මිනිස්සු ජීවිත බෙරුවහම මාව මැරෙන්න තියෙනවා නම් එකත් වළකියි බුදු දහමේ හැටියට.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

