දිළිඳු ජනතාව සඳහා රජය විසින් ලබා දෙන සමෘද්ධි සහනාධාරය, ආර්ථික අපහසුතා නොමැති පොහොසත් එක්සත් ජාතික පාක්ෂිකයින් හට පමණක් ලබාදෙන බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පැවසීමත් සමඟ අද (06දා) පැවැති හොරොව්පොතාන සමෘද්ධි ප්රතිලාභ ලබා දීමේ උත්සවයේදී, හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.
මොරවැව ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මධ්‍යහන 12ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසොම මහතා සහ හොරොව්පොතාන ආසන සංවිධායක පී.සහිදු මහතා ඇතුළු පිරිස හොරොව්පතාන ප්‍රාදේශීය සභා ශ්රවණාගාරයට පැමිණීමත් සමඟ හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් විසින් තම පාක්ෂිකයන් හට ප්රතිලාභ නොලැබුණු බව පැවසීමත් සමඟ එම ස්ථානයට පැමිණ සිටි දෙසීයකට ආසන්න පිරිසක් හූ කියමින් මන්ත්‍රීවරුන්ට දැඩි විරෝධතාවයක් දැක් වූහ.
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසොම සහ එක්සත් ජාතික පක්ෂයේ හොරොව්පොතාන ආසන සංවිධායක පී.සහිදූ ,හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපති චාරුක උදයංග විජෙරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම උත්සවය සංවිධානය කොට තිබිණි.
ඒ අනුව කපුගොල්ලෑව කලාපයේ තුලාන 12 කට අයත් ප්‍රතිලාභීන් 560 දෙනෙකු සහ හොරොව්පොතාන කලාපයේ තුලාන 14 කට අයත් ප්‍රතිලාභීන් 650 දෙනෙකු සඳහා සමෘද්ධි ප්රතිලාභ ලබාදීමට කටයුතු සූදානම් කර තිබුණි.
කපුගොල්ලෑව කලාපයට අයත් ප්‍රතිලාභීන් සඳහා මොරවැව ප්‍රදේශයේ උත්සවයක් සංවිධානය කර තිබුණ අතර හොරොව්පොතාන කලාපයේ ප්‍රතිලාභීන් සඳහා උත්සවය හොරොව්පතාන ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවැත්විණි.එලෙස හූ කියමින් ආරම්භ වූ විරෝධතාවය බහින්බස් වීමක් දක්වා දුර ගිය අතර පසුව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවිය.
ඒ හේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර මෙහිදී විරෝධතාකරුවන් පැවසුවේ අසාධාරණ ලෙස එක්සත් ජාතික පාක්ෂිකයින් ට පමණක් ලබාදෙන සමෘද්ධි සහනාධාරය පක්ෂ බේදයකින් තොරව දිළිදු සියලු දෙනාට ලබාදිය යුතු බවත්, එම නිසා උත්සවයේ වැඩ කටයුතු නවතා දමන ලෙසත් ය.
ඇති වූ උණුස්ම් තත්ත්වය හේතුවෙන් හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී සනත් බණ්ඩාර මහතා සහ හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා ඇතුළු නිලධාරීන් ද එම ස්ථානයට පැමිණි අතර එහිදී උද්ඝෝෂකයන් සහ ස්ථානාධිපතිවරයා අතරද උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.
අනුරාධපුර - බී.ජි චතුරංග
