හොර සහතික සැකසු පුද්ගලයෙකු අත්අඩංගුවට
වසර ගණනාවක සිට පවත්වාගෙන ගිය හිඟුරක්ගොඩ රජඇළ ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛණ සකසන මධ්‍යස්ථානයක් ඊයෙ (15) දින පස්වරුවේ වටලා විවිධ රාජ්‍ය ආයතන සහ පුද්ගලික කාර්යාල නිල මුද්‍රා 86ක් සහ ව්‍යාජ සකසන ලද ලිපි ලේඛණ විශාල ප්‍රමාණයක් සමඟ එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ , රජඇළ ලිපිනයේ පදිංචි 51 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් උපකරණ අතර පරිඝණක යන්ත්‍රයක්, මුද්‍රණ 2ක් , පොලිස්ථාන ඇතුළු රාජ්‍ය අංශ නිළ මුද්‍රා 86ක් , සමග විවිධ පුද්ගලයින්ගේ නම් වලට ව්‍යාජ ලෙස සකසා තිබු අධ්‍යාපන සහතික, රියදුරු බලපත්‍ර, විවාහ සහතික, අධිකරණ ලිපි, දැව බලපත්‍ර, වෛද්‍යවරු විසින් නිකුත් කරන වෛද්‍ය සහතික, විභාග සහතික, ක්‍රිඩා සහතික, උපාධි සහතික, පොලිස් සහතික, ග්‍රාමසේවක සහතික සහ ජාතික හැදුණුම් පත් ඇතුළු ව්‍යාජ සහතික රාශියක් අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
හිඟුරක්ගොඩ - ඩබ්.ඒ පියතිලක

popular news
-
Chandana Saturday, 17 August 2019 07:05 PM
ජනාධිපති වීමට යුද්ධයක නියලී සිටින පුද්ගලයෙකු මෙන්ම හිටපු ජනාධිපති කෙනෙකුත් හොර සහතිත ඇති බවට මිනිසුන් සලකති. ඉතින් මේවා කුමන සුළු දේවලද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

