හොරොයින් කිලෝ 192ක, පිස්තෝල ගිනි අවි 10ක්, මැගසින් 19ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා දින 7ක රැඳවුම් නියෝග ලබාගනිමින් ප්රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ.
සැකකරුවන් බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව ඊයේ පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර සැකකාරියන් දෙදෙනෙකුද වෙයි.