පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (12දා) දින සිට බලාපොරොත්තු විය හැකි බවත්, එහෙත් ඉදිරි සතිය පුරා වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මීට අමතරව පවතින තද සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය පුරා පැවැතිය හැකි බවත්, අද (11දා) දිනයේදී බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව හා වයඹ යන පළාත්වලට විටින්විට මිලිමීටර් 75ක් තරම් වූ තදවැසි ඇතිවිය හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
අනුරාධපුර, වවුනියාව, මන්නාරම යන දිස්ත්‍රික්කවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත්, උතුර, උතුරු මැද, වයඹ යන පළාත්වල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යාහැකි බවත්, සෙසු ප්‍ර‘දේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවත් ඇය පවසා සිටියාය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර‘දේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යාහැකි බවත්, අකුණු අනතුරු අවම කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළාය.
මේ අතර, ඊයේ (10දා) දින උදෑසන 8.30 අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 130ක ප්‍රමාණය කෑගල්ල, වේවැල්තලාව ප්‍ර‘දේශයෙන් වාර්තා වී තිබේ.
මීට අමතරව කැස්බෑව ප්‍ර‘දේශයට මිලිමීටර් 100ක වර්ෂාපතනයක් හා රත්මලාන ප්‍ර‘දේශයට මිලිමීටර් 86.1ක්, නුවරඑළිය, එල්ස්ටන් ප්‍ර‘දේශයට මිලිමීටර් 82ක්, කලටුවාව ප්‍ර‘දේශයට මිලිමීටර් 76.4ක්, කොළඹ නගරයට මිලිමීටර් 73.9ක්, ලක්ෂපාන ප්‍ර‘දේශයට මිලිමීටර් 74.00ක් ආදී වශයෙන් වර්ෂා තත්ත්වයක් ඇති වී තිබූ බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඇති වූ තදවැසි සමග මාර්ග ජලයෙන් යටවීම හා තද සුළං නිසා ගස් හා අතු කඩා වැටීම හේතුවෙන් ඇතැම් ප්‍ර‘දේශවල ගමනාගමනයට බාධා එල්ල වී තිබූ බව වාර්තා වේ.
