ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළද දුම්රිය සේවය යථා තත්ත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් තවත් පැය 24ක කාලයක් ගතවන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.
වැඩ වර්ජනයේ නිරත සේවකයන් සේවයට වාර්තා කරමින් තිබෙන බවත්, හෙට (08දා) දහවල් 2.00 පමණ වනවිට දුම්රිට සේවය යථා තත්ත්වයට පත්වන බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි. පවතින ගැටලු විසඳීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොරොන්දු වූ බවද වැඩවර්ජනයේ නිරත වූ දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.