හිස්බුල්ලා හා පුතා කෝප් කමිටුවට නොඑයි
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අද (17දා) කැඳවා තිබුණද ඔවුන් එම අවසථාවට මුහුණ දීමට නොපැමිණියහ.
ඔවුන් දෙදෙනා යළි ඔක්තෝම්බර් 09 වැනිදා කොප් කමිටුව හමුවට කැඳවීමට නියෝග කරන බව එම කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
මොවුන් දෙදෙනා විදෙස්ගතවී සිටින බවට කෝප් කමිටුවට දන්වා තිබෙන බවත්, සත්‍ය වශයෙන් ඔවුන් විදෙස්ගතව සිටින්නේද කියා සොයාබලා වාර්තාවක් සකසන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
බැටිකලෝ කැම්පස් ආයතනය හා හීරා පදනම ආශ්‍රිතව සිදුව ඇති මුදල් ගණුදෙනු සම්බන්ධව කරුණු විමසීම සඳහා කෝප් කමිටුව හමුවට අද දිනයේදී ඔවුන් කැඳවා තිබුණි.
popular news
-
Raterala Wednesday, 18 September 2019 06:08 AM
අපේ රටෙි සියළුම දේශපාලකයන් දූෂිත,හොර,වංචනික නුගත්,පාදඩයින්ය,ඒත් තවමත් උන්වම බලයට පත්කර ගැනීමට කටයුතු කරන රටෙි මිනිස්සු තිරිසනුන් යයි මම සිතමි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

