යාපනය, මාදගල්තුරෙයි වෙරළ තීරයේ තිබි රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්රෑම් 112ක් නාවික හමුදාව විසින් ඊයේ (31) දින අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අයත් සෙබළුන් පිරිසක් හා ඉලවාලෙයි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් සිදු කරන ලද මෙහෙයුමකදි මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.
අදාළ කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට බෝට්ටු මඟින් රැගෙනවිත් මෙරට බෙදාහැරීම සඳහා සූදනම් වන අවස්ථාවකදී නාවික හමුදාවේ සෝදිසි මෙහෙයුමක් හේතුවෙන් කේරල ගංජා තොගය දමා ජාවාරම් කරුවන් පළා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටියි.
එම කේරල ගංජා තොගය ඉටි කොළවලින් ආවරණය කොට තිබූ අතර වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා නාවික හමුදාව විසින් පේදුරුතුඩුව පොලීසියට භාර දීමට පියවර ගෙන තිබුණී.
