හිතුමතේ ජීවිතේ යළිත් අත්අඩංගුවට
හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකටම සිටින ඩී.වී. සුමතිපාල යළිත් වරක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. ඒ 2006 වසරේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවී සොරකමක් සම්බන්ධයෙනි.
පිළියන්දළ පොලීසිය මගින් ඔහු ඊයේ අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇප නියම වූවත් ඇප ලබාදීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම හේතුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරණි.
තමන් මෙම සොරකම පිළිබදව නොදන්නා බවත් හොඳින් ජීවත් වීමට උත්සාහ කරන විට බොරුවට නඩු දමන බවත් හිතුමතේ ජීවිතේ ප්‍රකාශ කරයි.
popular news
-
Champa Friday, 24 August 2018 09:02 PM
මේ මොකක්ද බැලුව. අන්න මම දැක්ක 5ස් වෙනි වතාවටත් කුඩු ළඟ තබා ගත්ත කුඩු ප්‍රවාහන කරපු මිනිහෙක්ට ඇප දීල. පස් වතාවක් ඇප දීල අන්න කුඩුත් එක්ක ආපහු අහුවුනහම අන්න අයෙත් ඇප දීල. සසිරිබර මෙසිරිලක ........ත් කුඩු ගහලද මන්ද.
Reply : 0 13
Raawana Friday, 24 August 2018 09:35 PM
මේ රටේ අසරණ මිනිසුන්ට නීතිය ක්‍රියා කරන්නේ කොහොමද කියල පැහැදිලියි.බිලියන ගණන් හොරකම් කරපු එවුන් යහතින්. අත්අඩංගුවට ගන්නවා තියා, ඒවා වළක්වන්නත් අධිකරණ නියෝග ලැබෙනවා.නීතියේ සාධාරණත්වය කොහෙද තිබෙන්නේ.... ?
Reply : 0 22
Champa Saturday, 25 August 2018 09:03 AM
පව් අප්පා මේ මනුස්සය. සල්ලි වලින්ද ඇප ඉල්ලුවේ? මහා මිනීමරුවෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ලෝක හොරු ඔක්කොම පොලීසියට අත වනාගෙන යනවා. යහතින් වැජඹෙනවා. දුප්පත් මිනිහෙක්ට කවුරුවත් නැති නිසා හෝ ඇප තියන්න සල්ලි නොතිබ්බ නිසා හෝ හිරේ යනවා. ලංකා පොලීසිය දන්නේ බින්කුන්ඩෝ අල්ලන්න තමයි.
Reply : 1 32
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

