හිටපු සෞඛ්‍ය ඇමති මහ පාරේ ඉටිපන්දම් පත්තු කරනවා -GMOA
වෛද්‍ය සභාවේ ප්රජාතන්ත්රවාදය නැතිකළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මහ පාරට වැටී, ප්රජාතන්ත්රවාදය ඉල්ලා ඉටි පන්දම් පත්තු කරන තත්ත්වයට වැටී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
අගමැති සිහින දකිමින් සිටි, සෞඛ්‍යයට වැඩනොකළ සෞඛ්‍ය අමාත්‍යවරයා ආසනයත් පරාජයට පත් වූ බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සඳහන් කළේය.
එහෙත් සෞඛ්‍යයට සේවයකළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රටේ ජනාධිපතිවරයා බවටද පත්වූ බව අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෛද්‍ය සභාවේ ප්රජාතන්ත්රවාදය නැති කර දමා රටේ සෞඛ්‍ය බරපතළ අර්බුදයකට ලක්කළ බවත්, එසේ සිදුකළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ප්රජාතන්ත්රවාදය ඉල්ලා මහ පාරේ ඉටිපන්දම් පත්තු කරන බවත් හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ

popular news
-
Champika Monday, 19 November 2018 10:28 PM
හූ හූ අපි නම් මහින්දට කඩේ යනවා.
Reply : 0 9
Nandana Tuesday, 20 November 2018 01:17 PM
ඔයාලට ඇති වැඩේ මොකද ඔයාලා ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න. නිකන් ගොන් පාර්ට් එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

