හිටපු පළාත් සභා මන්ත්රී සිවාජිලිංගම් අත්අඩංගුවට
උතුරු පළාත් සභා හිටපු මන්ත්රී සිවාජිලිංගම් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. යාපනය වැල්ලවැටිතුරෙයි ප්රදේශයේදී ඝාතනය කළ කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ සැමරුමක් සංවිධානය කිරීම හේතුවෙන් ඔහු මෙසේ අත්අඩගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි.
කේක් ඒකක් හා තවත් භාණ්ඩ කිහිපයක් සමග ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව එම භාණ්ඩ අත්අඩංගුවට ගැනීමෙන් හිටපු මන්ත්රීවරයා නිදහස් කර තිබේ.
මේ අතර වැල්ලවැටිතුරෙයි ප්රදේශයේ පවතින හිටපු කොටි නායකයාගේ නිවස ආසන්නයේ පොලිස් ආරක්ෂාව තරකර ඇති අතර එම නිවසේ පිරිසිදු කිරිම් කළ තරුණයන් සිවු දෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

popular news
-
Nandana Monday, 26 November 2018 11:20 AM
පොලිස් නිලදාරින්ට තුති .
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

