හිටපු ජනපති මැතිවරණයකට ගියේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දීමට නොහැකි නිසයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනපතිවරණයට පිවිසියේ ජාත්‍යන්තරයෙන් එල්ල වූ අභියෝගයට මුහුණදීමට නොහැකි නිසා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ හමුවේදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
" ලබන සතියේදී මම එක්සත් ජාතීන්ගේ සමුළුවට එක්වෙනවා. එහිදී මානව හිමිකම් කොමසාරිස්වරිය හමුවීමටත් බලාපොරොත්තු වෙනවා. මෙහිදී අපට එල්ල වී ඇති යොජනා මෙන්ම පැමිණිලි ගැනත් ඔබ දන්නවා. මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ එල්.ටී.ටී.ඊ. හිතවාදී රාජ්‍ය නොවන ඇතැම් සංවිධාන. ඊට ජාත්‍යන්තර සංවිධාන සහාය දී තිබෙනවා.
පැවැති රජයේ ප්‍රශ්ණ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය අපෙන් ඈත් වුණා. මේ නිසි බරපතල ගැටලු ඇතිවුණා. අවාසිදායක තත්ත්වයන් ඇතිවණා. 2015 මැතිවරණයෙන් මම ජයග්‍රහණය කරන විට අපිට සම්බාධක පැනවීම ආරම්භ කර තිබුණේ. යුරෝපා මත්ස්‍ය තහනම, ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කර තිබුණා.
හිටපු ජනපති ජනපතිවරණයකට ගියේ UNHRC ඇතුළු ජාත්‍යන්තර බලවේගවග බලපෑම හා ප්‍රභල රාජ්‍ය එල්ල කළ අභියෝගයට මුහුණදීමට නොහැකි නිසයි. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග මිත්‍රශීලිත්වයක් ගොඩනගාගෙන තිබෙනවා. මානව හිමිකම් කොමිසම සමගත් මිත්‍රශීලී බවක් ඇති කර ගත්තා. "

popular news
-
Champa Friday, 14 September 2018 02:50 PM
මෙන්න මැරිලා ඉපදිලා වගේ කතාකරනවා. UNHRC එක අපේ හමුදාවට චෝදනා කලේ නැහැ. ඔබයි රනිලුයි තමයි ජිනීවා ගිවිසුමක් හදල හමුදාවට විරුද්ධව යුධ අපරාධ චෝදනා එල්ල කලේ. එහෙම කලේ උතුරේ දෙමල චන්ද ගන්න කොටි ඩියස්පෝරාවටයි TNA එකටයි දීපු පොරොන්දුවක් හැටියට. අනිත් අතට පෞද්ගලිකව ඔබටයි රනිල්ටයි ඕනේ වුන මහින්දට යුද්ධේ දිනන්න උදව් කරපු හමුදාව පාවල දෙන්න. ඔවුන් අපකීර්තියට ලක් කරන්න. ඔබලා දෙන්න හිතුව යුද්ධේ ඉදිරියේම හිටපු කීර්තිමත් හමුදා නායකයෝ මහින්දගේ මිනිස්සු කියලා. එහෙම හිතල මහින්දගෙන් පලි ගන්න රනිල් ඔබේ අනුදනුමත් ඇතුව ජිනීවා ගිවිසුම ඉදිරිපත් කරල රටයි හමුදාවයි පාවල දුන්න. EU එක GSP අයින් කලේ රනිලුයි මංගලයි ගිහින් රටට විරුද්ධව මානව හිමිකම් චෝදනා කරපු නිසා. මත්ස්‍ය තහනම තමයි හොඳම උදාහරනේ. ඒක කරන කොට EU එක කිව්වා එහෙම තහනම් කරන්නේ bottom trawling කරන නිසා කියලා. ඒක නවත්තන්න කිව්වා. හැබැයි රනිල් ආපු ගමන් bottom trawling තියෙත්දිත් EU එක මත්ස්‍ය තහනම ඉවත් කළා. අන්න ඒ වාර්තා තියෙනව කියවන්න. ජනාධිපතිතුමා, දැන් ඉන්නේ 2015 හිටපු චන්දදායකයෝ නෙමෙයි. ඔවුන් දේශපාලකයෝ කියන ඒවා පිළිගන්නේ නැහැ. හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ.
Reply : 0 3
Champa Friday, 14 September 2018 03:10 PM
මහින්ද කලින් චන්දෙ තිබ්බේ පරදින්න නෙමෙයි දිනන්න. PB කිව්වා කියලා කියනව ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා. ඇත්තද නැත්ද මම දන්නේ නැහැ. නමුත් 2014 අග වෙනකොටම තෙල් මිල බහින්න පටන් අරන් තිබ්බේ. ඒ හින්ද ණය ගෙවා ගන්න බැරි වෙන්නේ නැහැ. ඇත්තම කිව්වා නම් මහින්ද හිටිය නම් ඔය ණය සෑහෙන්න ගෙවල මෙලහට. චන්දෙ කලින් තියන්න මහින්දට කිසිම ජාත්‍යන්තර බලපෑමක් ආවේ නැහැ. එහෙම ආව නම් මහින්ද ඔය චන්දෙ තියන්නෙත් නැහැ. ජාත්‍යන්තරය මහින්දට කරපු ලොකුම බලපෑම කලේ යුද්ධ කාලේ. මහින්දව නවත්තන්න සම්බාධක දානව නම් දාන්නේ ඒ කාලේ. ඒකට බය වෙච්ච නැති මහින්ද UNHRC එකට බය වෙන්නේ නැහැ. අනිත් එක ඔය සම්බාධක කතාව විහිළුවක්. GSP තහනම වගේ ඒව සම්බාධක නෙමේ. අපේ වගේ පොඩි රටකට සම්බාධක දාල, රජයේ සුබ සාධන මත ජීවත්වෙන ලක්ෂ ගණන් මිනිස්සු බඩගින්නේ තියන එක ජාත්‍යන්තර ප්රඥප්ති වලට විරුද්ධයි. සම්බාධක දානවා නම් දාන්නේ ලොකු රටවලට. අපිට සම්බාධක දැම්ම කියල ජාත්‍යන්තරයට ලැබෙන දෙයක් නැහැ. අනික එහෙම දාන්න හැදුව නම් නොබැඳි සංවිධානේ, පොදු රාජ්‍ය මණ්ඩලේ රටවලුයි විරුද්ධ වෙලා ඒක නවත්තනවා. අපි පොඩි රටක් වුනාට අපි බලවත් ජාත්‍යන්තර සංවිධාන වල පැරණිම සාමාජික රටක්.
Reply : 0 2
සම්පත් Friday, 14 September 2018 03:49 PM
කතාව සම්පුර්ණ ඇත්ත. පසුගිය කාලයේ බලයට කෑදර වෙලා හිටපු සමහර බටහිරට කත් අදින සිංහල ඇම්බැට්ටයන් ලංකාවට විරුද්ධව බොර කීවානේ. සමහර උන් ලොකුම පුටුවලත් වාඩි උනානේ. දැන් ඉතින් ලංකාව ඉවරය්. ගන්න දෙයක් ඉතුරු නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

