හිජාබය පැළඳි මුස්ලිම් ගුරුවරියන්ට සාලිගෙන් වෙනත් පාසල්
පුවක්පිටියදෙමළ මහා විද්‍යාලයේ දෙමවුපියන් හා පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් විසින් ප්‍රතික්ෂේප කර ආපසු හරවා යැවූ හිජාබය පැලඳි මුස්ලිම් ගුරුවරියන් දසදෙනෙකුට පළාතේ වෙනත් පාසල් ලබාදීමටපියවර ගත් බවබස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
පුවක්පිටිය දෙමළ මහා විද්යාලයටපෙරේදා(07දා) උදෑසන පැමිණිමෙම මුස්ලිම් ගුරුවරියන්ට පාසලට ඇතුළු වීමට ඉඩ නොදී දෙමවුපියන් විසින් ගේට්ටුව වසා දමා තිබෙන බවත්,සාරියකින් සැරසී පැමිණෙන්නේ නම් පමණක් ඔවුන්ට පාසල් පරිශ්‍රයට ඇතුළු වීමට අවසර ලබාදිය හැකි බවට පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් පවසා තිබෙන බවත් එම කාර්යාලය සඳහන් කරයි.
අනතුරුවබස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා හමුවීමට පැමිණි මෙම ගුරුවරියන් තමන් ප්‍රතික්ෂේප කළ පාසලට නැවතත් යෑමට නොහැකියැයි පැවසූ බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ප්‍රකාශ කරයි.
ගුරුවරියන්ගේ දුක්ගැනවිලිවලට ඇහුම්කන් දුන් ආණ්ඩුකාරවරයා හදිසි රැස්වීමක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කැඳවූ බවත්,එම අවස්ථාවට පළාත් අධ්‍යාපන අධ්යක්ෂ පී.ශ්‍රීලාල් නෝනිස්, පළාත් අධ්‍යාපන ලේකම් එස්.ජේ. විජයබන්දු,පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පති පී. මනෝහරන් යන මහත්වරුන් පැමිණ සිටි බවත් එම කාර්යාලය පවසයි.
එහිදි අසාද් සාලී මහතා සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගුරුවරියන් දස දෙනා පළාතේ ඇති වෙනත් පාසල් සඳහා ස්ථාන මාරු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන් බවද බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

popular news
-
kapila Thursday, 09 May 2019 11:36 AM
මෙයට ප්‍රධාන වගකිවයුත්තා අකිල විරාජ්. එයා තමයි සාරිය අනිවාර්යා නැති බව ප්‍රකාශ කලේ.
Reply : 0 0
dhammika Thursday, 09 May 2019 03:48 PM
මේ බොරු නාටකය නවතින්නේ නැහැ කෝ තහනම . මෝඩයින් රැවටීමක් අරාභී කාරයෝ ශ්‍රී ලාංකිකයන් කරන්න කවදාවත් බැහැ කතාවට නම් අපි ශ්‍රී ලාංකිකයෝ විය යුතු .
Reply : 0 0
මුල්ගුරුතුමා Friday, 10 May 2019 06:49 AM
මොහු කර ඇත්තේ පනින රිලවුන්ට ඉණිමං බැඳීමයි.රාජ්‍ය සේවයේ පත්වීම් දීමේදී පරිවාස කාලයකට යටත් කරන්නේ ඔවුන් සේවයේ යොදාගැනීමට සුදුසුද බැලීමටයි ඒ අතින් මෙම තැනැත්තියන් කෙසේවත් රාජ්‍ය සේවයට නුසුදුසු අයයි..මෙතෙක්කල් ගුරුවරියන් සාරි ඇඳ පාසැල් පැමිනියානම් දැන් බැරි ඇයි.මොවුන් පරිවාස කාලයේ සිටියදී අනිසි හැසිරීම නිසා ගුරු දෙගුරුන් විරුද්ධ වුනා සාලි උන්නැහේ මාරු දුන්නා.ගුරු සේවයම අපකීර්තියට පත්කලා මේ ගැන මහින්දලා' ජෝෂප්ලා මොකද කියන්නේ මොකද කරන්නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

