හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බව ආණ්ඩු පක්ෂය කියයි
පසුගිය දිනවල පාර්ලිමේන්තු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සිදු නොවූ බවත් ඒ අනුව පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි.
නොවැම්බර් මස 14 දා, 15 දා, 16 දා, 19 දා, 21 දා, හා 23 දා යන දිනයන්හි පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පිළිගත නොහැකි බවත් එම නිසා එකී වාර්තා ප්‍රසිද්ධ කිරීම නතර කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.
සභානායක දිනේෂ් ගුණවර්ධන, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධයක එස්.බී. දිසානායක, වාසුදේව නානායාකක්කාර, මහින්ද අමරවීර, විමල් විරවංශ,උදය ගම්මන්පිල ඇතුළු 9 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය යොසුකර තිබේ.

popular news
-
Nandana Tuesday, 27 November 2018 08:27 PM
මේ අය තමා මහින්දව කෑවේ.දිනේශ් කොහොමද සභානායක වෙන්නේ ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
