අන්අයගේ ජාතික හැදුනුම්පත් 51ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් වැලිමඩ , දිමුතුගම පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි .
සැකකරු මුදල් පොලියට දීම සඳහා මෙම හැදුනුම්පත් ලබාගෙන ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී තිබේ .
අන්සතු හැදුනුම්පත් තම සන්තකයේ තබාගැනීමේ චෝදනාව යටතේ සැකකරුට විරුද්ධව නඩු පවරන බව වැලිමඩ පොලීසිය පවසයි .
බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්.හේරත් මහතාගේ මෙහෙයවීම වැලිමඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
බදුල්ලේ - පාලිත ආරියවංශ
