හැටන් ප්‍රදේශයට හෙරොයින් මත්ද්‍රව්‍ය ඉතා සුක්ෂම ලෙස අලෙවි කිරිමේ ජාවාරමක නිරත වි සිටි ජාවාරම්කරුවෙක් හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් අද (12) අත්අඩංගුවට ගැනුණි.
හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරන ජාවාරම්කරු හැටන් සාත්තු නිවාස පාරේ නිවසක සැඟවි සිටින බවට ලද තොරතුරක් මත හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් එම සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරුගේ අදෝ මාර්ගයේ හෙරොයින් මත්කුඩු පැකට් 7ක් සඟවාගෙන තිබියදි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් මිලදි ගෙන සන්තකයේ තබාගෙන සිටි තරුණයන් දෙදෙනෙකුද හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් සමඟ අද අත්අඩංගුවට ගැනුණි.
ප්‍රධාන ජාවාරම්කරු නොර්වුඩ් වෙන්චර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු කාලයක් තිස්සේ ඉතා සුක්ෂම ලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි අවුරුදු 24 අවිවාහක තරුණයෙකු බවයි පොලීසිය පැවසුවේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනා හැටන් සමනලගම ප්‍රදේශයේ පදිංචි අය බවත්, එම සැකකරුවන් අවුරුදු 25-30 වයස් කාණ්ඩ වල පසුවන අය බවයි මෙම වැටලිම සිදු කළ හැටන් පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.
ප්‍රධාන ජාවාරම්කරු කොළඹ ප්‍රදේශයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදි ගෙන හැටන් ප්‍රදේශයට රැගෙනවිත් අලෙවි කරන බවටද තොරතුරු අනාවරණය වි ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
