හැටන් බස් රථයක් පෙරළිමෙන් පාසල් ළමුන් 18 දෙනෙකු ඇතුළු 28ක් රෝහලට
හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළිමෙන් එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලීසිය පවසයි.
අද (08) පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලොරි රථයට ඉඩ ලබා දිමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයකට පෙරළි ඇති බවයි පොලීසිය පැවසුවේ.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ ප්‍රදේශයේ දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පැවති බවයි පොලීසිය පැවසුවේ.
හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ඡාත්‍යන්තර පාසලක අද (08) පැවති පුජාවකට සහභාගි වි ආපසු නිවස කරා යමින් සිටි ළමුන් පිරිසක් සහ ඔවුන්ගේ දෙමවුපියන් පිරිසකුයි තුවාල ලබා ඇත්තේ.
අනතුරෙන් තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, තුවාල ලැබු පාසල් සිසුන්ගේ සහ වැඩිහිටියන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ.
අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අනතුර පිළිබඳව හැටන් පොලීසිය පරික්ෂණ පවත්වයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

