හැකියාවක් තිබේ නම් ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා මරාගෙන මැරෙනවා
තමාට හැකියාවක් තිබෙනම් කතෝලික ජනතාව වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා මරාගෙන මැරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී අද (05දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් ආණ්ඩුව සැලකිල්ලක් දක්වා නොමැති බවත්, ගෙන එනවා යැයි කියූ අණපනත් හෝ නීති ගෙනවිත් නැති බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
මේ හේතුවෙන් කතෝලික ජනතාව කලකිරීමට පත්ව සිටින බවත්,ආණ්ඩුව රැක ගැනීමට පමණක් ආණ්ඩුවේ නායකයින් උත්සහ කරන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මෙහිදි නිමල් ලන්සා මහතා දැඩි උද්වේගකර අයුරින් අදහස් පළකළ අතර එහිදි ඔහු සඳහන් කළ මරාගෙන මරෙනවා, යකා ,තමුසේ වැනි වාක්‍ය කොටස් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත්කරන බව මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක ජේ.එම්.ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.

popular news
-
Priyantha Thursday, 05 September 2019 09:51 PM
ගනන් ගන්න එපා.කුඩු මතෙන් දොඩවනවා වෙන්න ඇති.
Reply : 0 15
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

