හලාවත ආසන දෙව්මැදුරට අයත් දේවස්ථාන 26ක පුජා ප්‍රසාදීන් වහන්සේලා 26 දෙනෙකගේ පී. සී. ආර් පරීක්ෂණ හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් හලාවත අසන දෙව්මැදුරේදී 09දා සිදුකරන ලදි.
ඉකුත් 08දා හලාවත අඹකඳවිල ප්‍රදේශයෙන් 36 හැවිරිදි කොරෝනා අසාදිතයෙකු වාර්තා වීමෙන් අනතුරුව එම පුද්ගලයා පිළිබඳව තොරතුරු සොයා යාමේදී ඔහු හලාවත අඹකඳවිල දේවස්ථානයක ආවතේවකරුවෙකු ලෙස සේවය කරඇති බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මෙම පුජා ප්‍රසාදීන් වහන්සේලා එම ප්‍රදේශවල නිවෙස් කීපයක ආගමික කටයුතු සඳහාද සහභාගීවී ඇති බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙම පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ පී.සී.ආර් පරීක්ෂණ වලින් අනතුරුව එම දේවස්ථාන වලදීම අනිවාර්ය ස්වයං නිරෝධායනයකට ලක්කර ඇතිබව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඒ අනුව 09 දින සිට එම සියලූම දේවස්ථාන දේව මෙහෙයන්ද නැවත දැනුම් දෙනතුරු නවතා දමා ඇති බව හලාවත පොලීසිය පවසයි.
මේ වනවිට එම පූජා ප්‍රසාදීන් වහන්සේලාගේ සිදුකළ පී. සී. ආර් පරීක්ෂණ කටයුතු සඳහා යොමුකර ඇති අතර ඒවායේ ප්‍රතිඵල අද දින ලැබීමට නියමිත බව හලාවත දිස්ත්‍රික් රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කේ. පී. මල්ලවාරච්චි මහතා පවසයි.