හරිත දුම්රිය ඉදිකිරිම මගේ අරමුණයි - CB
හරිත දුම්රිය ස්ථාන ඉදි කිරිම තම අරමුණ බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි රත්නායක මහතා පවසයි.
සි.බි රත්නායක මහතා මේ බැව් කියාසිටියේ අද (11) දින හැටන් දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමිණි.
හැටන් දුම්රිය ස්ථානයේ නිරික්ෂණ චාරිකාවේ නිරත වු දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සි.බි රත්නායක මහතා කියාසිටියේ ලංකාවේ අපිරිසිදුම සහ අක්රමවත්ම දුම්රිය ස්ථානය හැටන් දුම්රිය ස්ථානය බවත්, එ සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් ලැබි ඇති බවයි.
දුම්රිය ප්‍රවේශපත්‍ර ත්‍රිරෝද රථ රියදුරන් විසින් ඉතා වැඩි මිලකට මගින්ට අලෙවි කිරිම සම්බන්ධයෙන් පැමිණිලි ලැබි ඇති බවත් රාජ්‍ය දේපළ අනිසි ලෙස භාවිතා කිරිම යටතේ එම ත්‍රිරෝද රථ රියදුරන්ට විරුද්ධව නෛතික පියවර ගන්නා බව ද සි.බි රත්නායක මහතා පැවසිය.
දුම්රිය ප්‍රවේශ පත්‍ර ත්‍රිරෝද රථ රියදුරන් විසින් අධික මිලකට මගින් වෙත අලෙවි කිරිම වැළැක්විම සදහා ඊ ටිකට් සහ ඊ සිසන් පත් ලබා දිමේ ක්‍රමයක් කඩිනමින් ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසිය.
හැටන් දුම්රිය ස්ථානයට රථ ගාලක් , විවේකාගාරයක් ඉදි කිරිම සදහා හැටන් දික්ඔය නගර සභාව , අඹගමුව ප්‍රාදේශිය සභාව සහ හැටන් ප්‍රදේශයේ වෙළඳ ප්‍රජාව සමග සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

popular news
-
sg Wednesday, 11 December 2019 11:50 PM
විදුලි දුම්රිය පද්දතියක් සදහා යොමුවෙමුද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

