හමුදාවට හා LTTE ඇතුළු සංවිධානවලට පොදු සමාවක් දෙන්න
යුද අභිමථාර්ථ සාධනය කරගැනීමට මැදිහත් වූ සෑම කෙනෙකුටම ජාතික පොදු සමාවක් ලබාදෙන්නැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම පුද්ගලයන්ට සමාජ ප්රජාතන්ත්රවාදයට මුසුවීමට අවස්ථාව ලබාදීමට ප්රමුඛ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපතිවරයාගෙන්, අගමැතිවරයාගෙන් හා විපක්ෂනායකවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙවැනි ජාතික පොදු සමාවක් ලබාදීමට ආණ්ඩුවේ පක්ෂ, විපක්ෂයේ පක්ෂ, දෙමළ පක්ෂ, මුස්ලිම් පක්ෂ සහ දේශීය / විදේශීය පිරිස් එකඟතාව පළකළ පසු නැවත මෙම ප්රශ්නය ගැන කතා නොකළ යුතු බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
ඉන්පසුව සිංහල, දෙමළ මුස්ලිම් සංවිධාන යුද්ධය කාලයේ වුණු සිදුවීම් ගැන කතා කිරීම සම්පූර්ණයෙන්ම අමතක කර දමා අනාගතය නිර්මාණය කරගත යුතු බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මෙම ප්රශ්නය තවදුරටත් ගෙනයෑමෙන් ජාතීන් අතර තුවාලය පෑරෙනවා මිසක සමාජයට කිසිදු සුගතියක් නොලැබෙන බවත්, එය විසඳීම සඳහා ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, සියලුම දේශපාලන පක්ෂවලට, ජාතික ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට කරුණු 05ක් යෝජනා කරන බවත් රණවක මහතා කීය.
දැනට අත්අඩංගුවේ සිටින එල්.ටී.ටී.ඊ.යේ සාමාජිකයන්, යුද හමුදාවේ සාමාජිකයන්, ආරක්ෂක අංශවලට සහාය දුන් දෙමළ පිරිස් අතින් යුද්ධයේ අභිමතාර්ථ ඉෂ්ට කරගැනීමේදී සිදු වූ අපරාධ මොනවාද, පෞද්ගලික අභිමථාර්ථ ඉෂ්ට කරගැනීමට ගිය අපරාධ මොනවාද කියා වර්ගීකරණයක් කළ යුතු බවත්, ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නීති විශේෂඥයන්ගේ සහාය ලබාගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
යුද අභිමතාර්ථ සාධනය කරගැනීම සඳහා දායක වී දැනට අත්අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සමග කටයුතු කළ දෙමළ සංවිධානවල සාමාජිකයන්, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුද අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට සිදුකළ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින පුද්ගලයන් සඳහා පොදු සමාවක් දී නිදොස් කොට සමාජයට මුදාහැරිය යුතු බවද ඔහු පැවසීය.
popular news
-
Champa Tuesday, 18 September 2018 12:56 AM
මොන බූරු කතාවක්ද මේ කියන්නේ? හමුදාව මොකක්ද කරපු වැරැද්ද පොදු සමාවක් ගන්න? හමුදාව හිරේ ඉන්නේ නොකරපු වැරදි වලට. තාම එකක්වත් ඔප්පු කරගන්න බැරි වුන. මේ හදන්නේ චන්දෙට ඉස්සෙල්ල LTTE කාරයෝ ටික එලියට ගන්න. අනේ ඇත්තමයි තොපිට චන්දෙ දීපු මිනිස්සුන්ට කියන්න ඕනේ වහ බොන්න කියල. මහා ලොකු හෙළ උරුමය. ජීවිත පූජාවෙන් සටන් කරපු අපේ හමුදාව අර ලේ පිපාසිත මස් වැද්දන් ගේ ගානට දාන්න යනවා. වේදිකා ගානේ චන්ද ගන්න කොටින්ට ඕනේ විදිහට කියපුව ඒ කියන්නේ හමුදාවට කරපු යුධ අපරාද චෝදනා හෝ තනි තනි චෝදනා ඔප්පු කරගන්න බැරි හින්ද, ඒවාට සාක්කි නැති හින්ද දැන් හදන්නේ නිකම්ම හමුදාව වැරදි කාරයෝ කරලා "පොදු සමාවක්" දීල අර ම්ලේච්ච ත්රස්තවාදීන්ගේ ගානටම දාන්න. ලෝකේ කොහෙක්වත් කරපු නැති අන්තිම පහත් පාවාදීමක් කරන්න හදන්නේ අපේ හමුදාවට. යකෝ ඇමතිතුමා හමුදාවේ 28,708ක් ජීවිත පිදුවේ මේකටද? "කරන්න ඕනේ FCID එකටයි කොටි ඩියස්පෝරාවටයි කියන්න ඕනේ හමුදාව ගැන කියපු බොරු චෝදනා ඉවත් කරගන්න කියලා." මේ ඇමතිවරුන්ට හූ කියල මදි, ගමට ආවොත් ඇත්තටම නෙලන්න තියෙන්නේ හොඳට. කෝ හලෝ විමල්, මීක් සද්දක් නැහැ ජනබලයට පස්සේ. මක් කරනවද. කිරි පැකට් එකක්වත් බිව්වද ඔය?
Reply : 0 0
rocky Wednesday, 19 September 2018 07:52 AM
ඇයි යකුනේ හමුදාවෙන් මැරුවාය කියන අහිංසක මිනිසුන්ගේ අම්මලා තාත්තලාටත් විශ්‍රාම දෙන්නද කියන්නේ? දකුණේ අපේම මිනිසුන්ව මරලා තියන හැටියට හමුදාවෙන් අහිංසක මිනිසුන් මැරූ බවට තියන චෝදනා බැහැර කරන්න කොහොමටත් බැහැ. එක එක පක්කලින් ඔවුන්ව සුද්ධ කරන්න කතා කෙරුවත් නීතිය - මේ රටේ නැත නම් - ජිනීවා වලින් හරි ක්‍රියාත්මක වෙන්න ඉඩ දිය යුතුයි.
Reply : 1 0
Champa Wednesday, 19 September 2018 05:39 PM
දකුණේ හමුදාව මිනිසුන් මරපු එකට වග කියන මිනිහට චන්දෙ දීල මෙතන ජීවිත පූජාවෙන් රට බේරා ගන්න උතුරට ගිය අපේම සිංහලයන් හමුදාවට එරෙහිව දෙමලු වෙනුවෙන් කෑගහන පක්කලි මුලින්ම කරන්න ඕනේ බටලන්ද වාර්තාව ඇදලා අරන් තමන්ම දාපු විශේෂ උසාවියකින් 60,000ක් තරුණයන්ව අමු අමුවේ සහ මරපු සමහරුන්ව පණපිටින් පුච්චපු අලුගෝසුවව හිරේ දාන එක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

