හමුදා සාමාජිකයන් දුම්රිය රියදුරන් ලෙස පත්කළොත් සේවයෙන් ඉවත්වෙනවා
ත්‍රිවිධ හමුදා සෙබළුන්ට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීමට ගෙන ඇති තීරණය වහාම ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් අද (04දා) ලිඛිතව ඉල්ලා සිටි බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.
දුම්රිය සේවකයන් වැඩ වර්ජනය කරන අවස්ථාවේදී සේවයේ යෙදවීම සඳහා මෙම පිරිස් පුහුණු කරන බවට දේශපාලනඥයන් සඳහන් කරන බවත්, වැඩ වර්ජන වැළැක්වීම සඳහා කළ යුත්තේ අදාළ හේතුව සොයා විසඳුම් ලබාදීම බවත් එම සංගමයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා සඳහන් කළේය.
ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු කරනවා නම් කිසිදු ක්ෂේත්රයක සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට නොයන බවත්, එයට හේතු වී තිබෙන්නේ වැඩ වර්ජනයක් සිදු කිරීමට විශාල වෙහෙස මහන්සියක් ගත යුතු නිසා බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දුම්රිය රියදුරන් ලෙස පත් කළද, ඔවුන් දුම්රිය සේවය තුළ සේවයේ යෙදවීමට ඉඩ ලබා නොදෙන බවත්, එවැනි ක්‍රියාවක් සිදුකළහොත් සමස්ත සේවකයන්ම සේවයෙන් ඉවත්වන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.
දුම්රිය සේවාව සාමූහික කටයුත්තක් වන අතර, මේ නිසා දුම්රිය ධාවනය කිරීමට බොහෝ පිරිසකගේ සේවය අවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය.
මේ නිසා නැති ප්‍රශ්න ඇති නොකර, දුම්රිය සේවකයන්ට ඇති වී තිබෙන ප්‍රශ්න විසඳා දුම්රිය සේවාව දියුණු කිරීමට බලධාරීන් හා දේශපාලනඥයන් කටයුතු කළ යුතු බවද එස්.පී. විතානගේ මහතා කියා සිටියේය.

popular news
-
ravi Tuesday, 04 September 2018 10:05 PM
තාවකාලීන හමුදාවටත් .. ඉන්පසු කාන්තාවන්ටත් මේ තනතුරු ලබාදිය යුතුයි .. !
Reply : 0 3
Ampe Wednesday, 05 September 2018 05:04 AM
දාල යන්න.
Reply : 0 10
mahinda Wednesday, 05 September 2018 10:07 AM
අනේ හොඳයි අස්ස වෙන්නකෝ. හමුදාවේ අයට වැඩේ බාර දීල ගියාම ඔය වර්ජන මුකුත් නැතුව සේවය හොඳ තැනෙකට ගෙන්න පුළුවන්. බීගෙන දුවන දුම්රිය රියදුරෝ ගෙදෙරම ඉන්න එක හොඳයි. අඩුම ගානේ ජනතාවට හොඳ සේවයක් කරන්න අපේ හමුදාව සැමදා සුඋදනම්. ඉතින් දැන්මම අස්ස වෙන්න කරුණාකරලා.
Reply : 0 25
ravi Wednesday, 05 September 2018 10:54 AM
රාජකාරියයි .. දේශපාලනයයි , එකට අනාගත්තහම කොහොමත් යන්න වෙනවා . ඉතින් යන්න ද්වියන්ගේ නාමයෙන් යන්න ..!!!
Reply : 0 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
