හම්බන්තොට වරායේ ලංකා රජයට අයත් ආයතනවලට කුලී ගෙවන්න සිදු වෙලා
චීනයට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදී ඇති හම්බන්තොට වරාය පරිශ්‍රය තුළ ශ්‍රී ලංකා රජයට අයත් ආයතනය පවත්වාගෙන යෑම වෙනුවෙන් වරායට කුලී ගෙවීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු සඳහන් කරන්නේ හම්බන්තොට වරායේ ස්ථාපිත කර ඇති නාවික හමදා කඳවුර වෙනුවෙන් වසරකට රුපියල් මිලියන 51ක් හා එහි ස්ථාපිත කෙට ඇති ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සුළං බලාගාරය වෙනුවෙන් රුපියල් මිලියන 23ක් මෙසේ කුලී ලෙස ගෙවමින් සිටින බවයි.
එසේම හම්බන්තොට වරාය චීනයට පවරා මාස කිහිපයක් ගතව ඇති නමුත්, එයින් රජයට ලැබුණු මූල්‍යමය වාසි පිළිබඳ කිසිම සටහනක් නොමැති බවද මන්ත්‍රීවරයා පවසයි.
“ශ්‍රී ලංකා රජයට අයත්ව තිබූ හම්බන්තොට වරාය චීනයට බදු පදනම යටතේ ලබාදුන්නත්, මේ දක්වා එයින් ශ්‍රී ලංකාව ලැබූ ආදායම පිළිබඳ කිසිම සටහනක් නෑ. ඒ වගේම එහි රාජ්‍ය ආයතන පවත්වාගැනීම වෙනුවෙන් කුලී ගෙවීමත් දැන් ශ්‍රී ලංකාවට සිදුව තිබෙනවා.
වරායේ ආරක්ෂාවට නාවික හමුදාව යෙදවූවත් ඒ වෙනුවෙන් ඔවුන් කුලී ලෙස වසරකට රුපියල් මිලියන 51ක් වරායට ගෙවනවා. අනෙක් අතින් විදුලිබල මණ්ඩලය එහි පවත්වාගෙන යන සුළං බලාගාරය වෙනුවෙන් රුපියල් මිලියන 23ක් වරායට කුලී ලෙස ගෙවනවා. මේ සුළං බලාගාරය ඉවත් කිරීමට දැන් ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන බවත් පවසනවා” යනුවෙන්ද හෙතෙම කියා සිටියි.
මේ පිළිබඳ වැඩිදුර විස්තර හෙට (23ද) අද පුවත්පතේ 'කුරහන් සුවඳ' තීරු ලිපියෙන්

popular news
-
chathuri Tuesday, 23 October 2018 03:01 AM
හම්බන්තොට වාරයේ. ප්‍රශ්න. ආණ්ඩුව බලාගනී පියා. රජකම්. කරන. කොට කුමාරයෝ. දෙන්නයි. අම්මණ්ඩි. ඇතුළු මමන්දිලා කරපු. හොරකම් ඒවා. ගැන ටිකක් කියන්න බැරිද. . ඒවා තමුන් දන්නා සත්‍ය. දේවල්. ඒ. ගැන කියන්න ඉගෙනීමක් නැතිඋන්. දේශ පාලනය. කරන්න. ඇවිත්. රටත් කලා. මිනිසුන්වත්. හිනැස්සුව. පොඩි ලමෙක් වඩා ගත්තේ. නැහැ. ගොඩ. කලකින්. නේද .
Reply : 0 0

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.