හම්බන්තොට බෞද්ධ මධ්‍යස්ථානයේ බුදුපිළිම දෙකකට දැඩි හානි
හම්බන්තොට රුවන්පුර උපරතන බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිරිපිට බුදු මැදුරේ තිබු අඩි තුනක් පමණ උස බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා ඊයේ (30) සවස කිසියම් අයෙකු විසින් හානි කිරීම සම්බන්ධයෙන් හම්බන්තොට මුලස්ථාන පොලීසිය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ .
අදාළ බුදු කුටියේ තිබූ බුදුපිළිම වහන්සේ දෙනමක් සඳහා මෙසේ හානි කර තිබෙන බව එම බෞද්ධ මධ්‍යස්ථානයේ වැඩ වසන හිමියන් විසින් හම්බන්තොට මුලස්ථාන පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ .
මෙම කටයුක්ත කවුරුන් කුමක් අරමුණු කරගෙන සිදුකල ක්‍රියාවක්ද යන්න මෙතෙක් අනාවරණ කර ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය .
එමෙන්ම මේ වනවිට එම ප්‍රදේශයට දැඩි පොලිස් හා හමුදා ආරක්ෂාව යොදවා ඇත.


popular news
-
dayan Friday, 31 May 2019 01:56 PM
මේක නම් පරක්කු නොමැතිව සොයාගත යුතු දෙයක්.
Reply : 0 1
Champa Friday, 31 May 2019 06:22 PM
බුදු පිළිම වලට කරලා තියෙන්නේ ලොකු හානියක්. සෑහෙන වෙලාවක් යන්න ඇති වැඩේට. පණට ආදරේ මුස්ලිම් මිනිහෙක් මේ වගේ වැඩක් කරන්න එනවද කියන එක හොයල බලන එක හොඳයි.
Reply : 5 5
bandara Monday, 03 June 2019 12:22 PM
මේ රටේ නීතියේ හැටියට පන්සලේ හාමුදුරුවෝ අත්අඩංගුවට ගනියි
Reply : 0 1
chathuri Tuesday, 04 June 2019 01:01 AM
අන්ද බිරි ,ගොළුද. මෙතරම්. ලොකු පිළිම. කඩනකම් හාමුදුරුවෝ. රහත් වෙලා. හිටියද. . මහින්ද ඉන්නෙම. පන්සලේ එයාගෙන් අහල. බැලුවනම් ,දන. ගන්න. පුළුවන් , බෝබ්ම්බ ගහන දවස්. කිව්වා. වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

